July, 13, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (13) දිනයේ දී ඒකක 233.18ක කැපීපෙනෙන පහළ යාමක් වාර්තා කළේය. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 1.07%ක කඩා වැටීමක් වන අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒ අනුව ඒකක 21,532.38ක් ලෙසින් සටහන් වුණි.
S&P Sri Lanka 20 දර්ශකය ඒකක 55.27ක හෙවත් 0.91%ක පහළ යාමක් දිනය තුළ වාර්තා කළ අතර ගනුදෙනු අවසානයේ දී එහි අගය වාර්තා වූයේ ඒකක 6,022.19ක් ලෙසිනි.
දිනය තුළ පිරිවැටුම රු. බිලියන 1.03ක් ලෙසින් සටහන් වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. මිලියන 998ක් හා දේශීය විකිණුම් රු. මිලියන 943ක් ලෙසින් සටහන්ව තිබූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 37ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 93ක් ලෙසින් වාර්තා විය.
Video Story