July, 14, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් හි අනාගත වර්ධනය සඳහා ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ඉතා වැදගත් වේදිකාවක් වන බව හිටපු ක්‍රිඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. මෙම තරඟාවලිය හරහා දේශීය තරුණ ක්‍රිඩකයන්ට ලොව හොඳම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සමඟ එකම ක්‍රිඩා විවේකාගාරය බෙදාගනිමින්, ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක් උදා වන බවත් එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට විශාල ශක්තියක් වන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරන ලදී.
තරඟාවලියේ වටිනාකම පිළිබඳව අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ “ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන්ට ඉහළ තාක්ෂණික හා වෘත්තීය වටපිටාවන් හඳුන්වා දීමට LPL තරඟාවලිය විශාල මෙහෙවරක් ඉටු කරන බවයි. එමඟින් පළපුරුදු ජාත්‍යන්තර ක්‍රීඩකයින් තරඟ සඳහා සූදානම් වන ආකාරය, පීඩනයට මුහුණ දෙන ආකාරය සහ තීරණාත්මක අවස්ථාවලදී දක්ෂතා දක්වන ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාව උදා වනවා.” වෙනුවෙනි.
ලොව පුරා ප්‍රමුඛ පෙළේ විවිධ ලීග් තරඟාවලි නියෝජනය කර ඇති අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සමඟ මෙවැනි තරඟකාරී T20 වටපිටාවක ක්‍රීඩා කිරීමට ලැබීම, දේශීය ක්‍රීඩකයින්ට ඉතා විශාල වාසියක් සපයන බව ඇන්ජලෝ මැතිව්ස් මෙහිදී පෙන්වා දුන්නේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම මට්ටමට ළඟා වීම සඳහා අත්‍යවශ්‍ය වන වෘත්තීයභාවය, තරඟ සඳහා වන පූර්ව සූදානම සහ උපායමාර්ගික අවබෝධය වැනි වැදගත් කරුණු සෘජුවම දැකබලා ගනිමින් අධ්‍යයනය කිරීමට මෙරට ක්‍රීඩකයන්ට මෙම තරඟාවලිය හරහා කදිම අවස්ථාවක් උදාවන බවයි
ශ්‍රී ලාංකේය ක්‍රීඩකයින්ට මෙම තරඟාවලියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් සෑම වසරකම අඛණ්ඩව පැවැත්විය යුතු බව පවසන ඇන්ජලෝ මැතිව්ස් ලොව පුරා ලීග් ක්‍රිකට් තරඟාවලි ශීඝ්‍රයෙන් දියුණු වන කාලයක නවීන T20 ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින වේගය, උද්වේගකර බව සහ නවෝත්පාදනයන් පිළිබඳව ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන්ට නිරන්තර අත්දැකීම් ලබා දිය යුතු බවද පවසා සිටින ලදී.
ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දියුණුව සහ රටේ ආර්ථික දියුණුව වෙනුවෙන් ඛඡඛ තරඟාවලිය වාර්ෂිකව පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි. මෙම තරඟාවලිය මගින් දේශීය තරුණ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබා ගැනීමට සහ ක්‍රිකට් ක්‍රීඩාව රට පුරා ප්‍රචලිත කිරීමට අවස්ථාව සැලසෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story