July, 14, 2026
ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින්ට සූර්ය බලශක්තිය ඵලදායී ලෙස භාවිත කිරීම සහ බෙදාහැරීම සඳහා විධිමත් විසඳුමක් ලබා දෙමින් කුඩා සහ මධ්‍ය පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වැඩිදියුණු කිරීම අරමුණු කර ගෙන ප්‍රමුඛතාව ලබා දිය යුතු ව්‍යාපෘතියක් ලෙස "පියැසිපාදක සූර්ය බලශක්තිය (Rooftop solar) එක්කිරීමේ හා අථත්‍ය ශුද්ධ මනුකරණය (Virtual net metering) පිළිබඳ ව්‍යාපෘතිය" හඳුනා ගනු ලැබ ඇත.
එම ව්‍යාපෘතිය මූල්‍යනය කිරීම සම්බන්ධව ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් අදාළ නියෝජිතායතන සමඟ සම්මුති සාකච්ඡා සිදු කිරීම පිණිස 2025-11-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එකී තීරණය පරිදි, ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය සහ ඒකාබද්ධ ණය යාන්ත්‍රණය සඳහා වන ජපන් අරමුදල සමඟ අදාළ ණය සහ ප්‍රදාන ලබා ගැනීම පිණිස වන සාකච්ඡා මේ වන විට අවසන් කරනු ලැබ ඇත.
එම සාකච්ඡාවලදී ඇති කර ගන්නා ලද එකඟතාව මත පදනම්ව සහ ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදලෙහි නියමනයන් හා කොන්දේසිවලට යටත්ව, ආසියානු සංවර්ධන බැංකුවේ සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 35ක ණය මුදලක්, යුරෝපා සංගමය වෙතින් යුරෝ මිලියන 15.4ක ප්‍රදානයක් සහ ඒකාබද්ධ ණය යාන්ත්‍රණය සඳහා වන ජපන් අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ ණය සහ ප්‍රදාන ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story