ඩිජිටල් ශ්‍රී ලංකාවක් උදෙසා තාක්ෂණය මෙන්ම මානව සහ ආයතනික සූදානම සකස් කිරීමේ සාකච්ඡා ඇරඹේ

    July, 15, 2026

    ශ්රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සාර්ථක කර ගැනීම සඳහා හුදෙක් තාක්ෂණය පමණක් ප්රමාණවත් නොවන අතර, එම සේවාවන් ජනතාව වෙත ළඟා කර දීමට සුදුසු මානව සම්පතක් සහ ශක්තිමත් ආයතනික ව්යුහයක් සකස් කිරීම අත්යවශ්ය වේ. මෙම අරමුණ පෙරදැරි කරගනිමින් අලුතින් පිහිටුවන ලද ඩිජිටල් පරිවර්තනය පිළිබඳ සංවර්ධන හවුල්කරුවන්ගේ කණ්ඩායමෙ හි (Development Partner Working Group on Digital Transformation) පළමු සාකච්ඡාව පසුගිය 13 වන දින සාර්ථකව පැවැත්විණි.
    මෙම විශේෂ සාකච්ඡාව ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතා සහ ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක්-ඇන්ඩ්රේ ෆ්රැන්චේ (Marc-André Franche) මහතාගේ සම-සභාපතිත්වයෙන් පැවැත්වුණු අතර, ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ ලේකම් වරුණ ශ්රී ධනපාල මහතා ඇතුළු ජාත්යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
    මෙම සාකච්ඡාවේ දී මහජනතාවට වඩාත් වේගවත් හා පහසුවෙන් ප්රවේශ විය හැකි ඩිජිටල් පොදු සේවාවන් නිර්මාණය කිරීම සඳහා රජය සහ සංවර්ධන හවුල්කරුවන් අතර පවතින සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි වැඩි අවධානය යොමු විය. එහිදී ඩිජිටල් සේවාවන් සැපයීමේ නිරත රාජ්ය ආයතන ශක්තිමත් කිරීම සහ එම නිලධාරීන්ගේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ක්රමවත් පුහුණු වැඩසටහන් ක්රියාත්මක කිරීමේ වැදගත්කම දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
    ශ්රී ලංකා රජය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලුම සංවර්ධන හවුල්කරුවන්ගේ මෙම ඒකාබද්ධ ප්රයත්නයෙහි මූලික අපේක්ෂාව වන්නේ, සෑම ශ්රී ලාංකිකයෙකුටම සමාන අවස්ථා උදාකර දෙන, වඩාත් ගුණාත්මක මෙන්ම සියලු දෙනා ඇතුළත් කරගත් තිරසාර ඩිජිටල් අනාගතයක් මෙරට තුළ සාක්ෂාත් කර ගැනීමයි. මෙරට සමස්ත ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා වන මෙම පොදු අරමුණ වෙනුවෙන් අදාළ සියලු පාර්ශවයන් අඛණ්ඩව කැපවී ක්රියා කිරීමට මෙහිදී එකඟතාව පළ විය.

    Video Story

    Stock Market

    Exchange Rates