2026 පළමු භාගයේ කටුනායක ගුවන්තොටේ මගී මෙහෙයුම් හතළිස් හත්ලක්ෂය ඉක්මවයි

    July, 15, 2026

    මෙම වසරේ පළමු භාගය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් සම්බන්ධ සංඛ්‍යා දත්ත කිහිපයක් වාර්තා වේ.

    ඊට අනුව 2026 පළමු මාස 06 තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ භාවිත කර ඇති මුළු මගීන් සංඛ්‍යාව 4,748,481ක් වේ.

    එසේම මෙම මාස 06 තුළ දී හසුරුවා ඇති මුළු ගුවන් යානා ප්‍රමාණය 30,659ක් ලෙසින් වාර්තා වී ඇත.

    මෙම වකවානුව තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,146,573ක් වන අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවය ලබා ගෙන ඇති සංක්‍රමණ මගීන් (𝐓𝐫𝐚𝐧𝐬𝐢𝐭 𝐏𝐚𝐬𝐬𝐞𝐧𝐠𝐞𝐫 𝐌𝐨𝐯𝐞𝐦𝐞𝐧𝐭𝐬) සංඛ්‍යාව 424,856ක් වේ.

    Video Story

    Stock Market

    Exchange Rates