July, 16, 2026
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (16) දිනයේ දී, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 331.67ක් සහ රු. 341.08ක් ලෙසින් වාර්තා වී තිබේ.
මෙලෙස අද දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රු. 341 සීමාව ගොස් ඇත්තේ පසුගිය ජූනි 02 දායින් පසු පළමු වරට අද දිනයේ දීය.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2026 වසරේ ජූලි 10 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 7.9කින් අවප්‍රමාණය වී ඇති බවයි.
Video Story