තේ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය වේගවත් කිරීමට “Ceylon Tea Village” හෙවත් තේ ගම්මාන 500ක්

    July, 16, 2026

    2030 වසර වන විට ශ්රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝග්රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශය විසින් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) හෙවත් තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන ඊයේ (15) නුවර එළිය දිස්ත්රික්කයේ කොත්මලේ ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ හල්ගොල්ල ගම්මානයේ හපුගස්තලාව වැව ඉදිරිපිට දි ජාතික වශයෙන් ආරම්භ කරන ලදී.
    මෙම වැඩසටහන ශ්රී ලංකාවේ කුඩා තේවතු අංශය නවීකරණය කිරීම, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ තේ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කර ගෙන ක්රියාත්මක කෙරේ.
    ඒ අනුව මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ 2026 වසර තුළ දිවයින පුරා පිහිටි තේ පරීක්ෂක කොට්ඨාස 144ම ආවරණය වන පරිදි තේ ගම්මාන 144ක් ආරම්භ කරන ලදී.