July, 17, 2026
2025 වර්ෂයේ දී, ලංකා විදුලිබල මණ්ඩලය හැර අනෙකුත් රාජ්‍ය ව්‍යවසායයන් 50 විසින් රු. බිලියන 483.2ක සමස්ත ලාභයක් වාර්තා කළ අතර, එය 2024 වර්ෂයේ දී වාර්තා වූ රු. බිලියන 397.5ක සමස්ත ලාභයට සාපේක්ෂව සියයට 21.5ක වර්ධනයක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2024 වර්ෂයේ දී වාර්තා කළ රු. බිලියන 141.6ක ශුද්ධ ලාභයට සාපේක්ෂව 2025 වර්ෂයේ දී රු. බිලියන 38.7ක ශුද්ධ අලාභයක් වාර්තා කිරීම හේතුවෙන්, ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායයන් 51හි සමස්ත ලාභදායීත්වය රු. බිලියන 444.4ක් දක්වා සියයට 17.6කින් පහළ ගොස් ඇත.
රාජ්‍ය ව්‍යවසායයන්ගෙන් අයබදු හා ලාභාංශ ලෙස එකතු කළ ආදායම 2024 වර්ෂයේ දී වූ රු. බිලියන 41.1 සිට 2025 වර්ෂයේ දී රු. බිලියන 56.5ක් දක්වා ඉහළ ගොස් ඇත.
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2025 අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවෙ (වාර්ෂික වාර්තාව) හි මේ බව සඳහන් වේ.
මේ පිළිබඳ සටහනක් පවතින් දැක්වේ

Video Story