July, 17, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළෙ ගනුදෙනු ක්‍රියාකාරීත්වය අද (17) දින තුළ අලස ස්වභාවයක් පෙන්නුම් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාස 15 තුළ සටහන් වූ අඩුම දෛනික පිරිවැටුම අද දිනයේ දී වාර්තා විය.
දිනයේ ගනුදෙනු අවසානයේ දී පිරිවැටුම වාර්තා වූයේ රු. මිලියන 722ක් ලෙසිනි. මෙය 2025 අප්‍රේල් 17දායින් පසු වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම ලෙස සැලකේ. එදින රු. මිලියන 792ක් පිරිවැටුමක් වාර්තා වී තිබුණි.
එසේම 2025 අප්‍රේල් 22 වෙනිදාට පසු රු. බිලියනයකට අඩු පිරිවැටුමක් වාර්තා වූ පළමු දිනය ලෙසින් ද අද (17) දිනය සැලකිය හැකිය. එදින රු. මිලියන 990ක පිරිවැටුමක් වාර්තා වී ඇති බව කොටස් වෙළෙඳපොළ වාර්තා පෙන්වා දේ.
මේ අතර දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 42.16ක පහළ යාමක් වාර්තා කළ අතර ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 21,405.41ක් ලෙසින් සටහන්ව තිබුණි.
S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 5.31කින් පහළ ගොස් ඒකක 5,999.68ක් ලෙසින් වාර්තා විය.
Video Story