ද්විපාර්ශවික ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය එරට ආයෝජන ප්‍රධානියා හමුවෙයි

    July, 20, 2026

    කෙන්යාවේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් රුවිනි ද සිල්වා මහත්මිය, පසුගිය (15) දා එරට ආයෝජන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී John Mwendwa මහතා හමු වී තිබේ.

    ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර ද්විපාර්ශවික වෙළෙඳාම, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙම හමුවේ දී සාකචඡාවට බඳුන් වී ඇති බව කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර සිටී.