July, 20, 2026
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් වාර්තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2025 වර්ෂයේ ඔක්තෝබර් මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලපරිච්ජේදය තුළ පහත දක්වා ඇති පරිදි රුපියල් ලක්ෂ එකසිය හතළිස් හය (රු.14,600,000.00) ක සමස්ත වටිනාකමකින් යුත් මුදලක් පරිපාලනමය දණ්ඩන ලෙස අයකරගෙන ඇත. එලෙස දණ්ඩන මඟින් අයකරගත් මුදල ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදි.
අදාළ ආයතන සහ දණ්ඩන සහ අනුකූල නොවීම්වල විස්තර සඳහා පහත සබැඳිය වෙත පිවිසෙන්න.
Video Story