July, 22, 2026
ඊයේ (21) පැවති රැස්වීමේ දී ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය විසින් එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය (OPR) දැනට පවතින 8.75% මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.
මීට පෙර පසුගිය මැයි 25 දින මුදල් ප්රතිපත්ති මණ්ඩලය රැස් වූ අවස්ථාවේ දී එවකට පැවති එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate - OPR) පදනම් අංක 100කින් ඉහළ දැමීමට තීරණය කළ අතර ඒ අනුව 7.75%ක් ලෙස පැවති එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් දක්වා ඉහළ ගියේය.
Video Story