August, 21, 2026
දකුණු ආසියාවේ ප්‍රථම හරිත විශ්වවිද්‍යාලය වන NSBM හරිත සරසවිය, 2016 සිට 2026 දක්වා වූ දශකය තුළ මෙරට ආර්ථිකයට සහ සමාජයට ලබාදුන් ජාතික දායකත්වය සහ පුළුල් බලපෑම Deloitte FAS (Pvt.) Ltd. විසින් සිදු කරන ලද ආර්ථික බලපෑම් ඇගයීම මඟින් අවධාරණය කර ඇත.
එම ඇගයීමට අනුව, ස්වයං මූල්‍ය පදනමකින් ක්‍රියාත්මක වන මෙම විශ්වවිද්‍යාලය, සිය පළමු දශකය තුළ සිසුන් 41,000කට වැඩි පිරිසකට අධ්‍යාපන අවස්ථා ලබාදී, උපාධිධාරීන් 22,855ක් බිහිකරමින්, ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් බිලියන 115.5ක සමුච්චිත දළ අගය එකතු කිරීමක් සිදු කර ඇති බව පෙන්වා දෙයි.
එසේම, NSBM උපාධිධාරීන්ගෙන් 86%ක් ස්ථිර රැකියාවල නිරතව සිටින අතර, 74%ක් තම අධ්‍යයන ක්ෂේත්‍රයට අදාළ රැකියාවල නිරතව සිටින බව අනාවරණය වී ඇත.
එමෙන්ම, සිසුන් මෙරට තුළ උසස් අධ්‍යාපනය හැදෑරීම හේතුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 337.8ක ඇස්තමේන්තුගත විදේශ විනිමය ඉතිරියක් සිදුවන බවත්, NSBM හා සම්බන්ධ ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් හෝමාගම ප්‍රදේශයේ ජීවනෝපායන් 22,000කට වැඩි සංඛ්‍යාවකට සහාය ලැබෙන බවත් අධ්‍යයනය මඟින් පෙන්වා දෙයි.
තිරසාරභාවය සහ ප්‍රජා සංවර්ධනය සඳහා NSBM ලබාදෙන දායකත්වයද ඇගයීම මඟින් අවධාරණය කර ඇති අතර, 2021 සිට 2026 දක්වා කාලය තුළ NSBM විසින් ආසන්න වශයෙන් ආයතනික සමාජ වගකීම් වැඩසටහන් 233ක් ක්‍රියාත්මක කර ඇත.
සමස්තයක් ලෙස, Deloitte ආර්ථික බලපෑම් ඇගයීම මඟින් මානව ප්‍රාග්ධන සංවර්ධනය, රැකියා උත්පාදනය, විදේශ විනිමය රඳවා ගැනීම, කලාපීය ආර්ථික ක්‍රියාකාරකම් සහ තිරසාර සංවර්ධනය හරහා NSBM ශ්‍රී ලංකාවට ලබාදෙන වර්ධනය වන දායකත්වය අවධාරණය කරයි.
සම්පූර්ණ වාර්තාව www.nsbm.ac.lk වෙතින් ලබාගත හැක.
ඡායාරූපය - මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ, උපකුලපති, NSBM හරිත සරසවිය
Video Story