August, 31, 2026
පසුගිය අගෝස්තු 28 දින වන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති අගය 5.7%ක් දක්වා පහළ ගොස් තිබේ.
2026 මුල් භාගය තුළ දී 8%කින් ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබුණි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 323.42ක් ලෙසත් විකුණුම් මිල රු. 332.48ක් ලෙසත් අද (31) දිනයේ දී වාර්තා වී තිබේ.
ඩොලරයේ මධ්‍ය අගය අද (31) දින වාර්තා වී ඇත්තේ රු. 328.01ක් ලෙසිනි.
එය 2026 මැයි 29 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති අඩුම රුපියල් අගය වේ.
Video Story