August, 31, 2026
2026 අගොස්තු මාසයේ දින 27ක් තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 173,878ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් අනාවරණය කරයි.
ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 15 සීමාව අතික්‍රමණය කරමින් 1,517,296ක් දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේවෙතත් අගෝස්තු මාසයේ මුල් දින 14ක කාලය තුළ සංචාරක පැමිණීමෙ හි වැඩිවීමක් දක්නට ලැබුණ ද ඉන්පසු දින 13ක කාලය තුළ දී එම ප්‍රවණතාවයෙහි මන්දගාමී වීමක් නිරීක්ෂණය වේ.
2026 අගෝස්තු 01 සිට 14 දින දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 100,321ක් වන අතර අගෝස්තු 15 සිට 27 දක්වා වූ දින 13 තුළ දී එම ප්‍රමාණය වාර්තා වන්නේ 73,557ක් ලෙසිනි.
මේ පිළිබඳ සංඛ්‍යා සටහන් කිහිපයක් පහතින් දැක්වේ.



Video Story