September, 1, 2026
මැද පෙරදිග කලාපයේ ඇති වූ ප්‍රවණතාවල බලපෑම පිළිබිඹු කරමින් 2026 වසරේ ජූලි මාසයේ දී විදේශීය ජංගම ගිණුම එ.ජ. ඩොලර් මිලියන 142ක හිඟයක් වාර්තා කළ අතර, එය ජංගම ගිණුම මෙලෙස අඛණ්ඩව හිඟයක් වාර්තා කළ සිව්වන මස වේ. ඒ අනුව, 2025 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී පැවති අතිරික්තයට සාපේක්ෂව 2026 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ සමුච්චිත හිඟය එ.ජ. ඩොලර් මිලියන 387ක් ලෙස වාර්තා විය.
2026 වසරේ ජූලි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ඉහළ ගිය අතර, ඒ සඳහා ඉහළ ආනයන වියදම සහ අඩු අපනයන ආදායම හේතු විය. ඒ අනුව, 2025 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී එ.ජ. ඩොලර් බිලියන 3.9ක් වූ සමුච්චිත වෙළඳ හිඟය 2026 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී එ.ජ. ඩොලර් බිලියන 6.5ක් දක්වා ඉහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 ජූලි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.