September, 1, 2026
මෑතක දී ක්‍රියාත්මක කරන ලද මුදල්, රාජ්‍ය මූල්‍ය සහ සාර්ව විචක්ෂණශීලී ප්‍රතිපත්ති පියවරවල බලපෑම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ දී ශ්‍රී ලංකා රුපියලෙහි යම් අතිප්‍රමාණය වීමක් දක්නට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2026 පළමු භාගය අවසන් වන විට ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 8කින් අවප්‍රමාණය වී තිබුණු අතර 2026 වසරේ අගෝස්තු මස අවසානය වන විට එය සියයට 5.5ක් දක්වා මේ වන විට අඩු වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (01) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 323.53ක් ලෙසින් වාර්තා වන අතර විකුණුම් මිල රු. 332.51ක් ලෙසින් සටහන් වේ.
අද දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වන්නේ රු. 327.89ක් ලෙසිනි.
Video Story