කොටස් වෙළෙඳපොළට හොඳ දවසක්. පිරිවැටුම රු. බිලියන 2 ඉක්මවයි. මිල දර්ශකත් ඉහළට

    September, 3, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල සක්‍රීය ස්වභාවයක් අද (03) දිනය තුළ දක්නට ලැබුණි.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 69.47ක වර්ධනයක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 11.75ක සුළු වර්ධනයක් අත්පත් කර ගනු ලැබීය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,395.11ක් සහ S&P SL20 දර්ශකය ඒකක 5,995.25ක් ලෙසින් වාර්තා විය.

    දිනය තුළ රු. බිලියන 2.44ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි. එහිදී රේනුකා ෆුඩ්ස් (රු. මිලියන 502), වැලිබල් ෆිනෑන්ස් (රු. මිලියන 281). ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් (රු. මිලියන 230) සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 102) දිනය තුළ රු. මිලියන 100 ඉක්මවා පිරිවැටුම් වාර්තා කළ සමාගම් විය.