September, 22, 2026
කොමර්ෂල් බැංකුව 2026 වසරේ යුරෝමනි විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ගෞරවනීය සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රය තුළ එහි අවිවාදිත නායකත්වය නැවතත් තහවුරු කර ඇත. බැංකුවේ ගැඹුරින් මුල් බැසගත් පාරිසරික, සමාජයීය සහ යහපාලන (ESG) මූලධර්ම මනාව පිළිබිඹු කරමින් බැංකුව මෙසේ ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’සහ ‘ශ්‍රී ලංකාවේ හොඳම ESG බැංකුව’යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබන ලදී.
ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව යන සම්මානය ප්රදානය කිරීමේදී ඇගයීමට ලක් වූයේ ක්‍රමයෙන් යථාතත්වයට පත්වන ජාතික ආර්ථිකයක් පවතින පසුබිමක් තුළ, පරිමාණය, ලාභදායීතාවය සහ පද්ධතිය පුරා විහිදී යන ලෙස බලපෑම් ඇති කිරීමට කොමර්ෂල් බැංකුවට ඇති හැකියාව යි. ඒ ESG මූලධර්ම පිළිපැදීම අරමුණු කර මෙහෙයුම් සිදු කිරීම මගින් මූල්‍ය විශිෂ්ඨත්වය ක්‍රියාකාරීව බලගන්වන බව ද මනාව සනාථ කරමිනි.
මෙම ගෞරව නාමය ලැබීමේ දී බැංකුව සුවිශේෂී වර්ධනයක් සහ වෙළඳපල නායකත්වයක් පෙන්නුම් කළ අතර ණය රුපියල් ට්‍රිලියන 2.028 ඉක්මවූ අතර මුළු වත්කම් ප්‍රමාණය 16.8% කින් ප්‍රසාරණය විය. තවද ESG කේන්ද්‍ර කරගත් මෙහෙයුම් මගින් ආයෝජකයින්ගේ විශ්වාසය අඛණ්ඩව ශක්තිමත් කරගනිමින් වෙළඳපල ප්‍රාග්ධනීකරණයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවූ පළමු ශ්‍රී ලාංකික බැංකුව බවට ද පත්විය. ඩුබායි හි DIFC නියෝජිත කාර්යාලයක් හරහා ජාත්‍යන්තර ව්‍යාප්තියට ද සම්බන්ධ වෙමින්, ශ්‍රී ලංකාවේ පළමු Google Pay සේවාව සහ AI වලින් බල ගන්වන ලද SME ණය ප්රතිරක්ෂණ ක්‍රමවේදය හඳුන්වා දීමත් නිසා ඩිජිටල් නව්‍යෝත්පාදනය තීරණාත්මක සාධකයක් විය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මූල්‍යකරණය, වත්කම්වල ගුණාත්මකභාවය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය අතින් බැංකුව මුල් තැනට පත්වීම එහි ESG මූලික කරගත් උපාය මාර්ගයේ සාර්ථකත්වය තවදුරටත් තහවුරු කරන ලදී.
ශ්‍රී ලංකාවේ හොඳම ESG බැංකුව ලෙස ගෞරවනීය සම්මානය පිරිනැමීමේ දී තිරසාර හා වගකිවයුතු ලෙස බැංකුකරණය මෙහෙයවීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ පුළුල් හා ගැඹුරු ප්‍රවේශය ඇගයීමට ලක්කර ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සඳහා මූල්‍ය විසඳුම් හඳුන්වා දීම සහ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් බැංකුවේ වූ ශක්තිමත් හා තිරසාර කැපවීම යුරෝමනි විසින් ඇගයීමට ලක් කර ඇත. පුනර්ජනනීය බලශක්තිය, හරිත ගොඩනැගිලි හා තිරසාර ප්‍රවාහන ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශාලතම හරිත බැඳුම්කරය වන රුපියල් බිලියන 15 ක හරිත බැඳුම්කරයක් නිකුත් කිරීම ඇතුළුව හරිත මූල්‍යකරණ අංශය තුළ බැංකුවේ නායකත්වය යුරෝමනි විසින් අනුමත කර ඇත.
මූල්‍යමය ලෙස අන්තර්ගත කර ගැනීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය සහ ග්‍රාමීය ප්‍රජා සත්කාර කෙරෙහි බැංකුව දැක්වූ දැඩි අවධානය හේතුවෙන් බැංකුවේ ESG යෝග්‍යතාවය සහ සමස්ත ආයතනික ශක්තිය තවදුරටත් ශක්තිමත් වේ. එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට ලබා දී ඇති මුළු ණය වටිනාකමින් 20%ක් වන අතර 2025 දී මෙම අංශයට කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 335 කට අධික ණය ලබා දී ඇත.
‘අනගි’ සන්නාමය යටතේ විශේෂ නිෂ්පාදන හඳුන්වා දෙමින් මූල්‍ය සාක්ෂරතාවය, කුසලතා සංවර්ධනය හා සෞඛ්‍ය වැඩසටහන් හරහා දහස් ගණනක කාන්තාවන්ට සහය වෙමින් බැංකුව කාන්තාවන් සවිබල ගැන්වීම සහ අන්තර්ගත බැංකුකරණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, දේශගුණික ක්‍රියාමාර්ග සහ ආපදා සහන ආදී පුළුල් පරාසයක විහිදුන මුලපිරීම් ඇතුලත් වන ලෙස, ආයතනික හා සමාජයීය වගකීම්, පාරිසරික සංරක්ෂණය සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් සිදුකර ඇති සැලකිය යුතු ප්‍රමාණයේ ආයෝජන මගින් මෙම උත්සාහයන් තවදුරටත් පිටුබලය ලබයි. බැංකුවේ ‘Trees for Tomorrow’ වන වගා ප්‍රතිරෝපණ ව්‍යාපෘතිය යටතේ 2025 දී ගස් 12,500 කට වඩා රෝපණය කිරීම ද තවත් විශේෂත්වයකි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලොව කීර්තිමත් බැංකු 1000 ශ්‍රේණිගත කිරීම්වල 2026 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත විය. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්‍යාවක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
Video Story