September, 28, 2026
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය හෙට (29) දිනයේ රැස්වීමට නියමිතය.
2026 අංක 05 දරන මුදල් ප්‍රතිත්ති විවරණය වෙනුවෙන් මෙලෙස මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය හෙට (29) දින රැස්වනු ඇත.
එහිදී පවතින එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත අතර මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවසන් වරට රැස්වූ පසුගිය ජූලි 21 දා එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පැවති 8.75% මට්ටමේ ම පවත්වා ගෙන යාමට තීරණය කර තිබුණි. ඒ 2026 මැයි 25 පැවති රැස්විමේ දී 7.75% සිට 8.75%ක් දක්වා පදනම් අංක 100කින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ දැමීමට ගත් තීරණයෙන් අනතුරුවය.
මේ වන විට උද්ධමන අනුපාතිකය 8% මට්ටමට පැමිණ ඇති බැවින් බොහෝ දුරට එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයෙහි යම් ඉහළ දැමීමක් මෙවර බලාපොරොත්තු විය හැකි බව වෙළෙඳපොළ විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.