එන්ට්‍රස්ට් සිකියුරිටීස්, මල්ටි ෆිනෑන්ස් පාලිත කොටස හුවමාරුවේ

    May, 27, 2014

    (දෙවන සංස්කරණය)- අද උදෑසන එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය සහ මල්ටි ෆිනෑන්ස් සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය ගිවිසගත් කොටස් ගනුදෙනු ලෙස එන්ට්‍රස්ට් හෝල්ඩින්ග්ස් වෙත හුවමාරු වී තිබේ.

    මේ අනුව, එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ කොටස් මිලියන 28.6 ක් කොටසක් රුපියල් 20.50 ක් බැගින් ගිවිසගත් ගනුදෙනුවක් ලෙසින් හුවමාරු වූ අතර මෙය මෙම සමාගමේ කොටස් වලින් සියයට 86.23 ක ප්‍රමාණයකි.

    මීට අමතරව, මල්ටි ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 19 ක් කොටසක් රුපියල් 16.60 ක් බැගින් ගිවිසගත් ගනුදෙනුවක් ලෙසින් හුවමාරු වූ අතර එය සමාගමේ කොටස් වලින් සියයට 85 ක ප්‍රමාණයකි.