July, 28, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි වෙළෙඳ සාමාජිකයෙකු වන රිචඩ් පීරිස් සිකියුරිටීස් (පුද්) සමාගම, සිය මූලික අනුකූලතා අවශ්‍යතාවයන් සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් එහි කටයුතු 2026 අගෝස්තු 14 දින සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට, කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් තීරණය කර තිබේ.
ඒ අනුව රිචඩ් පීරිස් සිකියුරිටීස් (පුද්) සමාගම තුළ සිය ආයෝජන ගිණුම් පවත්වාගෙන යන ගනුදෙනුකරුවන්, එම ගිණුම් වෙනත් තැරැව්කාර සමාගමක් වෙත මාරු කිරීමට අදහස් කරන්නේ නම්, රිචඩ් පීරිස් සිකියුරිටීස් (පුද්) සමාගමේ පහත නියෝජිතයින් සම්බන්ධ කරගන්නා ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ වැඩිදුරටත් දන්වා සිටී.

Video Story