June, 11, 2014
මේ වසරේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා මීට පෙර ලෝක බැංකුව විසින් ලබාදී තිබූ ආර්ථික වර්ධන පුරෝකතනය අඩුකර තිබේ.
මේ අනුව, ලෝක බැංකුව පවසන්නේ දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකය මේ වසරේදී සියයට 4.8 කින් වර්ධනය වනු ඇති බවයි. බැංකුව මීට පෙර පවසා තිබුණේ එම වර්ධනය සියයට 5.3 ක් වනු ඇති බවයි.
වාර්තා වන ආකාරයට දියුණු වෙමින් පවතින රටවල් සියයට 05 කට අඩු ආර්ථික වර්ධනයක් ලබාගැනීමට සූදානම් වන්නේ පිට පිටම තුන්වන වතාවටයි.
බැංකුව පවසා තිබෙන්නේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා දියුණු වෙමින් පවතින රටවල් වඩ වඩාත් ආර්ථික ප්‍රතිසංස්කරණ කළ යුතු බවත් ලබන වසරේදී මෙම රටවල් සියයට 5.5 ක පමණ ආර්ථික වර්ධනයක් ලබනු ඇති බවයි.
Video Story