වහාම සහල් ආනයනය කිරීමට රජය සැරසෙයි

    June, 19, 2014

    වෙළඳ පොළේ සහල් මිල ඉහළ නැගීම හමුවේ සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශය විසින් සහල් ආනයනය කිරීමට සූදානම් වේ.

    මේ අනුව, සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා තීරණය කර තිබෙන්නේ සහල් මෙට්‍රික් ටොන් 100 ක් වහාම ආනයනය කිරීමටයි.

    ආනයනය කරනු ලබන සහල් රජයේ පාලන මිල යටතේ ලංකා සතොස අලෙවිසැල් මගින් අලෙවි කිරීමට සැලසුම් කර තිබෙන අතර සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 77 ක්, සුදු නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 68 ක්, රතු කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 60 ක් යන පාලන මිලක් රජය විසින් පනවා ඇත.

    සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශය පවසන්නේ දේශීය වෙළඳ පොළේ තිබෙන සහල් තොග සැඟවීම නිසා සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් ඇතිවී තිබෙන බවයි.