මෙන්න! නොරොච්චෝලේ-03 එනහැටි

    June, 26, 2014

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවැනි අදියර ලබන මාසයේදී ජාතික පද්ධතියට එක් කිරීමට රජය සූදානම් වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති, ඩබ්ලිව්.බී.ගනේගල මහතා පැවසුවේ නොරොච්චෝලේ තුන්වන අදියරෙන් ජාතික පද්ධතියට තවත් මෙගාවොට් 300 ක විදුලිය ධාරිතාවයක් ලැබෙන බවයි.

    මේ අනුව, නොරොච්චෝලේ බලාගාරයෙන් ලබන මාසයේ සිට ජාතික පද්ධතියට මෙගාවොට් 600 ක පමණ ධාරිතාවයක් ලබාදිය හැකියැයි අපේක්ෂා කරයි.