April, 16, 2021
චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) දෙන ලද ඒක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක ණය මුදල ඊයේ (15) දිනයේ දී ශ්රී ලංකාවට ලැබී තිබේ.
මේ අනුව අද දිනයේ දී ඩොලරයට ඒරෙහිව ශ්රී ලංකා රුපියලේ සුවිශේෂී අධිප්රමාණයක් වාර්තා වී ඇත.
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 195.72 ක් හා රු. 201. 28 ක් ලෙසින් වාර්තා වී තිබේ.
ඊයේ දිනයේ දී ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් රු. 204.62 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
Video Story