June, 19, 2023
සියලුම සාමාජිකයන්ට මාසයක් සඳහා නොමිලේ ප්‍රතිලාභ, ප්‍රමුඛතා සහය සහ තවත් වාසි රැසක්
Uber ජාත්‍යන්තර සාමාජිකත්ව වැඩසටහන ‘Uber One’ ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට Uber Sri Lanka පියවර ගෙන තිබේ. මේ යටතේ Uber ප්‍රවාහන සේවාවන්, ඩිලිවරි සේවාවන් සහ ග්‍රොසරි භාණ්ඩ සේවාවන් සඳහා පාරිභෝගිකයන්ට විශේෂ ප්‍රතිලාභ හා දීමනා රැසක් හිමිවනු ඇත. පාරිභෝගිකයන්ගේ එදිනෙදා ජීවිතය පහසු කරන විශේෂ දීමනා හා සේවාවන් රැසක් මෙම ජාත්‍යන්තර සාමාජිකත්ව වැඩසටහනට ඇතුළත් වී තිබේ.
තම සේවාවන් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් දිනයේ පටන්ම ‘go anywhere, get anything’ යන ජාත්‍යන්තර ප්‍රතිඥාවට අනුකූලව මෙරට පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට Uber කටයුතු කර ඇත. මෙම නව සාමාජිකත්ව වැඩසටහන යටතේ මින් ඉදිරියට Uber One සාමාජිකයන්ට ගමන් බිමන් යාමේදී ඉහළම මට්ටමට ශ්‍රේණිගත වී සිටින රියදුරන් සමග ගමන් කිරීමට අවස්ථාව හිමි වීම, තෝරාගත් ඇණවුම් සඳහා අසීමිත නොමිලේ ඩිලිවරි සේවාවන් හිමි වීම සහ ඉහළම තලයේ සහය සේවාවන් හිමි වීම ඇතුළු තවත් ප්‍රතිලාභ හා දීමනා රාශියක් හිමි වේ.
Uber හෝ Uber Eats යෙදුම් වෙත පිවිසී සරල පියවර කිහිපයක් ඔස්සේ Uber One සාමාජිකත්වය ලබාගත හැකි අතර, මුල් මාසය සඳහා මෙම සාමාජිකත්වය වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
Uber One සාමාජිකත්වය සඳහා මාසික ගාස්තුව රු. 599 ක් වන අතර, වාර්ෂික ගාස්තුව රු. 5,999 කි. සාමාජිකයන්ට විශේෂ වට්ටම්, දීමනා, ප්‍රවර්ධන වැඩසටහන්, ප්‍රමුඛතා සහය ඇතුළු ප්‍රතිලාභ රාශියක් හිමි වේ.
Uber Eats තුළින් ලැබෙන ප්‍රතිලාභ:
Uber Rides සඳහා:
‘Uber One’ ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් Uber Sri Lanka සාමාන්‍යාධිකාරී වරුන් විජේවර්ධන මහතා මෙසේ අදහස් දැක්වී ය. “Uber භාවිතා කිරීම මගින් තම එදිනෙදා කටයුතු පහසු වන ආකාරය පාරිභෝගිකයන්ට පෙන්වා දීම අපගේ ඉලක්කයයි. මෙම නව සාමාජිකත්ව වැඩසටහන මගින් ඔවුන්ට අපගේ සේවාවන් සියල්ල සඳහා ඉහළම තලයේ ප්‍රතිලාභ හිමිවනවා. වට්ටම් හා දීමනා සමග විශිෂ්ට සේවාවක් හිමිවීම නිසා පාරිභෝගිකයන්ට එදිනෙදා කටයුතු වඩාත් පහසුවෙන් හා තෘප්තියකින් යුතුව ඉටුකිරීමට හැකියාව ලැබේවි.”
Uber Rides Sri Lanka මෙරට කළමනාකාරිනී තනුෂිකා සිවනාදන් මහත්මිය මෙසේ සිය අදහස් පළකළා ය. “Uber සතු විශිෂ්ටතම සේවාවන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට අප සෑම විටම උත්සාහ කරනවා. මෙම ජාත්‍යන්තර සාමාජිකත්ව වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ එම උත්සාහයේ තවත් පියවරක් ලෙසයි. ආරම්භයේ පටන් මේ දක්වා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් වෙතින් Uber Rides සහ Uber Eats සඳහා ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. Uber One සාමාජිකත්වය ලබාගෙන ඉන් ලැබෙන ඉතුරුම් සහ වෙනත් ප්‍රතිලාභ අත්විඳින මෙන් මා ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර සිටිනවා.”
Uber One සාමාජිකත්වය ලබාගන්නා ආකාරය:
Video Story