මහ බැංකුව මැයි මාසයේ දී බිලියන භාගයකට වඩා ඩොලර් අරන්

    June, 19, 2023

    2023 මැයි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 662.50 ක ප්‍රමාණයක් මිල දී ගෙන ඇති බව වාර්ත් වේ.

    ඒ අනුව 2023 වර්ෂයේ මුල් මාස 05 තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති සමස්ත ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 1,897.54 ක් වේ.

    මීට පෙර 2023 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 348.79 ක්, පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 287 ක්, මාර්තු මාසයේ දී ඩොලර් මිලියන 451.50 ක් හා අප්‍රේල් මාසයේ දී ඩොලර් මිලියන  147.75 ක් වශයෙන් ඩොලර් මිල දී ගැනීමට මහ බැංකුව කටයුතු කර තිබුණි.

    මෙම මාස 05 තුළ මහ බැංකුව විසින් විනිමය වෙළෙඳපොළේ විකුණා ඇති ඩොලර් ප්‍රමාණය, ඩොලර් මිලියන 226.17 ක් වේ. 2023 අප්‍රේල් සහ මැයි මාසවල දී කිසිදු ආකාරයේ ඩොලර් විකිණීමක් සිදුනොකර තිබීම මෙහිදී විශේෂත්වයකි.

    ඒ අනුව 2023 මුල් මාස 04 තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ශුද්ධ වශයෙන් මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 1,672.93 ක් මිල දී ගෙන තිබේ.