March, 17, 2014
Crowd funding හෙවත් අන්තර් ජාලය ඔස්සේ මුදල් සම්මාදම් කර මෙරට පළමු චිත්රපටය නිපදවීම සඳහා උත්සාහ කරන ප්රවීණ සිනමාකරු අශෝක හඳගම අප සමග පැවසුවේ එම ක්රමය තුළින් තමන් අපේක්ෂා කරන මුදල් නොලැබෙනු ඇතැයි දැන් තමන්ට වැටහී තිබෙන බවයි.
සිය නවතම චිත්රපටය නිෂ්පාදනය කිරීම සඳහා Crowd funding ක්රමය යටතේ අන්තර් ජාලය ඔස්සේ මුදල් රැස්කර ඩොලර් 50,000 ක මුදලක් උපයා ගැනීමට තමා අපේක්ෂා කළ බව ඔහු සඳහන් කළේය.
නමුත්, ඒ සඳහා තිබෙන ප්රතිචාර අනුව එතරම් මුදලක් තමාට මේ තුළින් උපයා ගැනීමට නොහැකි වනු ඇතැයි හඳගම අප සමග කීය.
“කෙටි චිත්රපටි නිෂ්පාදකයින්ට සිය නිර්මාණ සඳහා මුදල් රැස්කර ගැනීමට මෙය හොඳ අවස්ථාවක්. මේ නිසා, ඉදිරියේදී මෙම ක්රමය මෙරට කෙටි චිත්රපට නිෂ්පාදකයින් හොඳින් භාවිතා කරාවි.“
යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
පේපෑල් මුදල් හුවමාරු සේවාව මගින් මෙරටට මුදල් ගෙන්වා ගැනීමට තවමත් නොහැකිවීමද මෙවැනි ක්රම ශ්රී ලංකාවේ ප්රචලිත වීමට බාධාවක් ලෙසින් පවතී.
Video Story