ඇමරිකානු මාධ්‍යවේදියාගේ බෙල්ල කැපුවෙ ලන්ඩනයේ හිටපු රැප් ගායකයෙක්-videos

    August, 26, 2014

    මුළු ලොවම ත්‍රාසයට පත් කරමින් පසුගියදා ඇමරිකානු මාධ්‍යවේදී ජිම් ෆොලේගේ බෙල්ල කපා මැරූ ඝාතකයා බ්‍රිතාන්‍යයේ හැදී වැඩුණු රැප් ගායකයෙකු ලෙසද ප්‍රසිද්ධියට පත්වූ තැනැත්තෙකු බව වාර්තා වේ.

    මේ බව බ්‍රිතාන්‍යය බුද්ධි අංශ නිළධාරීන් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වන අතර මොහු Abdel-Majed Abdel Bary වන අතර “Lyricist Jinn” හා “L Jinny” යන නම් වලින්ද ප්‍රසිද්ධියට පත්වූ පුද්ගලයෙකි.

    USA Today මාධ්‍ය වාර්තාවන්ට අනුව ඝාතකයා මොහුයැයි අනාවරණය කරගෙන තිබෙන්නේ කටහඬ පරීක්ෂා කිරීමෙන් වන අතර මේ සඳහා ඔහු විසින් ගායනා කළ ගීත භාවිතා කළබව සඳහන්ය.

    ඝාතකයාගේ පියා Adel Abdel Bari නැමැත්තා ඔසාමා බින් ලාඩ්න්ගේ සගයෙකු බවත් 1998 ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ලකළ බෝම්බ ප්‍රහාරයට ඔහු සම්බන්ධ බවත් මෙම වාර්තා සඳහන් කරයි.

    ඇමරිකානු මාධ්‍යවේදියාගේ ඝාතකයා බ්‍රිතාන්‍යයේ සිට සිරියාවට ගොස් ජිහාඩ් සංවිධානයට එක්ව තිබෙන අතර එම සංවිධානය තුළ ඔහුව “ජිහාඩි ජෝන්“ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බව වාර්තා වේ.