AIA ඉන්ෂුවරන්ස්, අන්තර් රක්ෂණ සමාගම් තරඟාවලියෙන් ජයග්‍රහණය කරයි

    April, 9, 2021

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොබෝදා පැවති අන්තර් රක්ෂණ සමාගම් 2021 අභියෝග කුසලාන ප්‍රශ්නෝත්තර තරඟයෙන් ජයග්‍රහණය කිරීම ඉතා සතුටෙන් සමරයි.  මෙම තරඟය සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය මගිණි .  AIA ඉන්ෂුවරන්ස් කණ්ඩායම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉතාමත් ප්‍රබල කණ්ඩායම් 19 ක් සමග වට පහක් පුරාවට කරටකර තරඟකර මෙම ජයග්‍රහණය අත්පත් කරගන්නා ලද අතර ජයග්‍රාහී කුසලානය පමණක් නොව සමාගමට මහත් කීර්තියක් ද රැගෙන එන ලදී.

    ජයග්‍රාහී AIA ඉන්ෂුවරන්ස් කණ්ඩායමේ හසාන් සමීර්, තුසර රණසිංහ, සුරනි ද අල්විස්, ඔෂාන් ධර්මරත්න, ප්‍රදීප් රොඩ්රිගෝ, මලින්ද එදිරිසිංහ, සහ ඩෙන්වර් ඔර්ලොෆ් යන සාමාජිකයින් හට උණුසුම් සුබ පැතුම් එක්කරන අතර මෙම ජයග්‍රහණය සඳහා කණ්ඩායම් සාමාජිකයින්ගේ විශිෂ්ට සාමාන්‍ය දැනීම, විශ්ලේෂණාත්මක චින්තනය, වර්තමාන තොරතුරු පිලිබඳ හසල දැනුම, තරඟකාරී  නිපුණත්වය මෙන්ම ප්‍රබල කණ්ඩායම් හැගීමෙන් යුක්තව ක්‍රියා කිරීම AIA ඉන්ෂුවරන්ස් වෙත අභිමානයක් ගෙන ඒමට සමත්විය.

    මෙම ජයග්‍රහණය ඔස්සේ සමාගමක ප්‍රබලතම ශක්තිය වන දක්ෂතාවන්ගෙන්  සහ කුසලතාවන්ගෙන් හෙබි වෘත්තිකයින්ගෙන් සමන්විත කාර්ය මණ්ඩල සාමාජිකයින් කණ්ඩායමක් AIA ඉන්ෂුවරන්ස් සතු බව මැනවින් පිළිබිඹු වේ.   පිට පිට දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිදුම් ලද AIA ඉන්ෂුවරන්ස් සමාගම (ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව් වෙතින් ප්‍රදානය කරන ලදී) සිය කාර්ය මණ්ඩලය සමාගමේ සුභසිද්ධිය වෙනුවෙන්,  එහි සාර්ථකත්වය වෙනුවෙන් ලබා දෙන දායකත්වය සහ කරන කැපකිරීම්  සැමවිටම අගයකොට සලකන අතර ඔවුන් සතු ප්‍රවීන මෙන්ම  විශිෂ්ට වෘත්තිකයින් කණ්ඩායම මහත් සාඩම්බරයෙන් මතක් කර සිටියි.

    ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ දායකත්වයෙන්  සංවිධානය කරන ලද මෙම අන්තර් රක්ෂණ සමාගම් තරඟය ඔස්සේ අපේක්ෂා කරනුයේ ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුළ  සහෝදරත්වය සහ මිත්‍රත්වය ඇතිකරලීමයි.  මෙම තරඟය රක්ෂණය, ඉතිහාසය, භූගෝලය, විද්‍යාව, සාහිත්‍ය, කලාව, ක්‍රීඩා, වර්තමාන තොරතුරු  මෙන්ම බුද්ධිමත්ව සහ තර්කානුකූලව කරුණු ඉදිරිපත් කිරීම යන සියලු දේ පදනම් කරගත් ප්‍රශ්න වලින් සැදුම්ලත් විය.