AIA ඉන්ෂුවරන්ස් “ඇය සුරකින AIA” කාන්තා වැඩසටහන දියත් කරයි

    March, 9, 2022

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර කාන්තා දිනය සනිටුහන් කරමින් දිවයින පුරා විසිර සිටින කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔවුනට සහාය වීම සඳහා වූ සුවිශේෂී කාන්තා වැඩසටහනක් වන "ඇය සුරකින AIA " වැඩසටහන ඉතා සාර්ථක අයුරින් දියත් කරයි.

    ශ්‍රී ලංකාවේ රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක්  පිදුම් ලබා ඇති AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකාවන් සඳහා විවිධාකාර  ප්‍රතිලාභ රැසක්  ලබා දෙනු ලබන අතර අඛණ්ඩව ඉතා යහපත් වැඩ පරිසරයක් පවත්වාගෙන යමින්, කාර්ය මණ්ඩල සාමාජිකාවන්හට සැමවිට සමාන සහ සාධාරණ අවස්ථා ලබා දෙමින්, ඔවුනගේ හොඳම කාර්යසාධනය එළිදක්වමින්, සිය වෘත්තීය අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට සහාය වෙයි.  කාන්තාවන් සවිබලගැන්වීම සඳහා විශ්වසනීය ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම සමාගම කල්තියා හදුනාගත් අතර එසේ නොවුනහොත්  කාන්තාවකට ජීවිතයේ  මුහුණ දීමට සිදුවන විශේෂිත කඩයීම් වලදී ඔවුනගේ වෘත්තීය පසෙකලා එම අභියෝගයන්ට ප්‍රමුඛතාවයක් දී කටයුතු කිරීමට ඇයට සිදුවනු ඇතිබව ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මනාව අවබෝධ කරගන්නා ලදී.

    "ඇය සුරකින AIA" වැඩසටහන සමගින් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමෙහි කැපවීම සිය සේවිකාවන්ගෙන් ඔබ්බට ගොස් තම සේවාලාභීන්ට, කාන්තා ව්‍යවසායිකාවන්ට මෙන්ම පොදුවේ මුළු මහත් සමාජය වෙතද දිගුකර ඇත.  මෙම වැඩසටහන ඔස්සේ කාන්තාවන්හට රක්ෂණ විසදුම් සඳහා අවකාශය ලැබෙනවා  පමණක් නොව මූල්‍යමය සාක්ෂරතාවය නංවාගැනීම සඳහා පුහුණුව, විවධ තොරතුරු සඳහා අවකාශය මෙන්ම ඇගයීමට ලක්වීමේ අවස්ථා ද  ලැබෙනු ඇති අතර ඒවා රක්ෂණය හා බැඳුනු දේ පමණක් නොව එහෙත් රක්ෂණය ඔස්සේ යම්කිසි සහාය වීමක් ලබාදිය හැකිවන ආකාරයේ කරුණු ද වේ.   කාන්තාවන් සඳහාම වන මෙම නවතම මුලපිරීම් ඔස්සේ AIA හි  අපේක්ෂාව වනුයේ කාන්තාවන්ව දිරි ගැන්වීමත්, විශ්වාසයෙන් යුක්තව ඔවුන්ගේ කටයුතු කරගෙන යාමට සහාය දැක්වීමත්, ඔවුනගේ රැකවරණය තහවුරු කරමින් ඔවුනගේ වටිනාකම අගයන සුරක්ෂිත පරිසරයක් ඔවුනට නිර්මාණයකර දීමත් ඔවුනගේ මූල්‍යමය සුරක්ෂිතතාවය තහවුරු කිරීමත්ය.

    AIA ඉන්ෂුවරන්ස් හි මානව සම්පත් අධ්‍යක්ෂිකා තුෂාරී පෙරේරා මහත්මිය සමාගම තුළ කාන්තා පුරුෂ සේවක සමානාත්මතාව සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු දක්වමින් කියා සිටියේ "AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය කාන්තා සේවක බලකාය වෙනුවෙන් පරිපූර්ණ මාතෘ ප්‍රතිලාභ වැඩසටහනක් දියත් කල, "සිලෝන් සේවායෝජක ෆෙඩරේෂණයෙහි" - EFC (Employers' Federation of Ceylon) පළමු සාමාජික සමාගම වන බවයි. මෙම වැඩසටහන ඔස්සේ 2015 වසරේ සිට දරු ප්‍රසූතියෙදී මවට නිවාඩු දින 100ක් සමගින් පියා සඳහා පීතෘත්ව නිවාඩු ද ලබා දීමට කටයුතු කර ඇත.  පසුගිය වසරේ දී සමාගම සිය කාන්තා සේවක බලකාය 41%ක ප්‍රතිශතයකින් වැඩිකර ඇති අතර සමාගම තුල කාන්තා නියෝජනය වැඩි කිරීම පමණක් නොව ඔවුන්  වෘත්තීය වශයෙන් වැඩිවර්ධනය වීම ද තහවුරු කර ඇත. එමෙන්ම ඉහළ කළමනාකාරීත්වය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමත් සමාගම මූලිකත්වයෙහි ලා සලකන කරුණකි.  කාන්තාවන්ට රැකියාව කිරීමට නම්‍යශීලී කාලවේලාවන් සහිත සේවා පරිසරයක් ඇතිකරමින් සිය රැකියාව කරන අතරතුර දී දේශීයව මෙන්ම විදේශීයවත් පුහුණු කිරීම් සිදුකරමින් සමාගම සිය කාන්තා සේවක බලකායේ දැනුම, කුසලතා සහ නිපුණතා  වර්ධනය සිදුකරනු ලබයි.   වර්තමානය වනවිට ඉහළ කළමනාකාරීත්වයේ 33%ක කාන්තා නියෝජනයක් පවතියි.  එමෙන්ම AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ අලෙවි බලකාය තුළද 45%ක කාන්තා නියෝජනයක් ඇති අතර මේ ප්‍රමාණය තවදුරටත් වර්ධනය කරගැනීමට සමාගම අපේක්ෂා කරයි.  AIA ඉන්ෂුවරන්ස් හි හොඳම අලෙවිකරුවන් 100 දෙනා අතරින් 53%ක ප්‍රතිශතයක් හොබවන්නේ ද කාන්තාවන්ය.  සමාගම වෙත නව ව්‍යාපාර අඩකට වැඩියෙන් ගෙනෙන්නේ ද කාන්තාවන් වන අතර ඔවුන්ගෙන් සමාගමට ලැබෙන ශක්තිය සහ දායකත්වයට සීමාවක් නොමැති තරම්ය.

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ලෝක බැංකු සමූහයේ සාමාජිකත්වය දරණ ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයෙහි (International Finance Corporation - IFC) සහයෝගයෙන් පසුගිය දෙවසර පුරාවට කාන්තාවන් සහ ජීවිත රක්ෂණය පිළිබඳව පුළුල් පර්යේෂණ රාශියක් ක්‍රියාත්මක කර ඇත.  IFC-DFAT SheWorks ශ්‍රී ලංකා සහයෝගීතාවය සඳහා ද AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2018 වසරේ සිට වසර 2020 දක්වා කොටස් කරුවෙක් වශයෙන් ක්‍රියාත්මක වූ අතර 2020 වසර සඳහාද AIA, IFC සමගින් ඇති සහයෝගීතාවය තවදුරටත් අළුත් කරගන්නා ලදී.  ඒ ඔස්සේ ශ්‍රී ලාංකීක කාන්තාව, කාර්ය මණ්ඩල සාමාජිකාවක් ලෙස, ව්‍යාවසායිකාවක් ලෙස, සේවාලාභියෙකු ලෙස පමණක් නොව පොදුවේ මුළුමහත් සමාජයේම සිටිනා කාන්තාවන් ජීවිත් රක්ෂණය තේරුම්ගෙන ඇති ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට සමාගමට හැකිවිය.  ඒ ඔස්සේ මේ සියළු තලයන්හි සිටින කාන්තාවන් සමගින් ගැඹුරු සබඳතාවයක් ගොඩනඟා ගැනීමට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට හැකිවිය.

    AIA ඉන්ෂුවරන්ස් හි නීති සහ මෙහෙයුම් අධ්‍යක්ෂිකා, චතුරි මුණවීර මහත්මිය සිය අදහස් දක්වමින් කියා සිටියේ "පසුගිය වසර කිහිපය පුරාවට සමාගම තුල කාන්තා පුරුෂ භේදයකින් තොරව සැමදෙනා එක්ව කටයුතු කරන සේවා පරිසරයක් ඇතිකර ගැනීමට අප විශාල වශයෙන් කැපවී කටයුතු කළා.  අප විසින් සමාගම පුරාවට එක වාගේ ව්‍යුහාත්මක සහ සංස්කෘතික වෙනස්කම් සිදුකරමින්  කාන්තා පුරුෂ සමතුලිත බව රැක ගනිමින් සේවා බලකාය තුළ සමානාත්මතාව සහ විවිධත්වය වැඩි වර්ධනය වන අයුරින් ක්‍රියාත්මක වන අතර කාන්තාවන්හට ව්‍යාපාරයෙහි සාර්ථකත්වය වෙනුවෙන් සිය පුරුෂ පාර්ශවයේ සගයින් හා සමානව සිය දායකත්වය සැපයීමේ අවස්ථා උදාකර දී තිබෙනවා".

    AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානී මහතා සිය අදහස් දක්වමින් සමාගමක් තුළ කාන්තා පුරුෂ සමානාත්මතාවය කාන්තා ප්‍රශ්ණයක් පමණක් නොව එය ආර්ථික ගැටළුවක් ද වෙනවා. කාන්තා පුරුෂ සමානාත්මතාවය උසස් තත්ත්වයක  පවත්වා ගැනීම මගින් ආර්ථික පලදායීතාවය ඉහළ නංවාගැනීම, අපගේ ඉදිරි පරම්පරාව වෙනුවෙන්  වැඩි දියුණු වූ සංවර්ධන ප්‍රථිපල ලඟා කරගැනීම මෙන්ම ආයතනයන් සහ ප්‍රතිපත්ති වල හරියාකාර නියෝජනයක් පැවතීමද සිදුවෙනු ඇති.   AIA ඉන්ෂුවරන්ස් වැනි ප්‍රමුඛ සමාගම් සේවා ස්ථාන තුළ සියළු දෙනාගේම සහභාගීත්වයෙන් සිදුකෙරෙන වැඩ පරිසරයක් නිර්මාණය කිරීමට යොමුවීම ඉතාමත් වැදගත්.  සේවා බලකායන් තුළ කාන්තා නියෝජනය සැළකිය යුතු අඩුවක් පවතින අතර, වැඩි වැඩියෙන් කාන්තාවන් ව්‍යවසායිකාවන් ලෙස, සේවිකාවන් ලෙස සේවා බලකායන්ට සම්බන්ද කරගැනීම මගින් ශ්‍රී ලාංකීක ආර්ථිකයට ඉතා ඉහළ අගයක් ලැබෙනු ඇති."