AIA ඉන්ෂුවරන්ස් වෙතින් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියට නිල රක්ෂණ සහකරු ලෙස සවිබලය

    December, 7, 2021

    AIA ඉන්ෂුවරන්ස්, නිල සහකරු වශයෙන් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් දෙවන තරඟාවලිය සවිබල ගැන්වීමට ඉදිරිපත් වී සිටියි.

    කුසලතා පූර්ණ  තරුණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දිරිමත් කිරීමටත්,  AIA හි සන්නාම ප්‍රතිඥාවට අනුව ව්‍යායාමයෙන් පිරි වඩාත් කාර්යශීලී ජීවන රටාවක් ඇති කරගිමින් සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ලඟා කරගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට සහය වීමත් AIA හි අපේක්ෂාව වෙයි.