AIA ඉන්ෂුවරන්ස් වෙතින් COVID-19 ප්‍රතිකාර සේවා සපයන ඉදිරිපෙළ රෝහල් සඳහා සහාය

    September, 27, 2021

    COVID-19 වසංගත තත්ත්වය තවදුරටත් ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියට මහත් අභියෝගයක් වී ඇති අවස්ථාවක AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම COVID-19 ප්‍රතිකාර සේවා සපයන ඉදිරිපෙළ රෝහල් සඳහා අවැසි සහාය ලබා දීමට ඉදිරිපත් වී ඇත.  පවතින වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට සිය දායකත්වය සැපයීමේ AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රතිඥාවට අනුව යමින්, අවිස්සාවේල්ල, දිවුලපිටිය සහ ගම්පහ COVID-19 ප්‍රතිකාර සේවා රෝහල් වෙත වෛද්‍ය උපකරණ රැසක් පරිත්‍යාග කිරීම නොබෝදා සිදුකරන ලදී.

    ඉන්ෂුවරන්ස් හී ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානී සිය අදහස් දක්වමින් කියා සිටියේ "පසුගිය වසරේ අප්‍රේල් මාසයේ, සෞඛ්‍ය, පෝෂණ සහ ස්වදේශීය ඖෂධ අමාත්‍යංශයේ දී පැවති රැස්වීමක දී අප සමාගම COVID -19 වසංගත තත්ත්වය හා සටන් කිරීමේ කර්තව්‍යට අපගේ උපරීම දායකත්වය දීම වෙනුවෙන් ප්‍රතිඥාවක් ලබා දුන්නා.  එදා පටන් මෙම ඉලක්කය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් අප වෙහෙසී කටයුතු කලා.  අපගේ රක්ෂණ සැලසුම් ඔස්සේ මෙන්ම සමාජයීය දැනුවත් කිරීමේ සහ ආයතනික සමාජසේවා වගකීම් වැඩසටහන් ඔස්සේ ද අප මෙම කාර්යභාරය වෙනුවෙන් උරදී කටයුතු කරනු ලැබුවා. ඒ අනුව යමින් අප මෙම COVID -19 ඉදිරිපෙළ සේවා සපයන රෝහල් වෙත සම්බන්ධ වෙමින් ඒ ඒ රෝහල් සඳහා මේ අවස්ථාවේ දී අත්‍යවශ්‍ය වන දේ සොයා බැලීමට කටයුතු කළ අතර එම උපකරණ ලබා දීමට කටයුතු සම්පාදනය කළා.  ඒ අනුව, අතින් ගෙනයනු ලබන ඩොප්ලර් උපකරණ සහ ඔක්සිජන් සැපයුම ලබාදීමේ බිත්ති ඔක්සිජන් රේගියුලේට්ර් සහ නළ පොම්ප අවිස්සාවේල්ල රෝහලටත්, දිවුලපිටිය රෝහලට අතිශය ලෙස අවශ්‍යව තිබූ හෘද මල්ටි මොනිටරයක් ද ලබාදුන්නා. එමෙන්ම බිත්ති ඔක්සිජන් රේගියුලේට්ර් සහ නළ පොම්ප ගම්පහ රෝහලටත් කුලියාපිටිය රෝහලේ ඉල්ලීමකට අනුව රෙදි සෝදන යන්ත්‍රයක්ද පරිත්‍යාග කරනු ලැබුවා.  අප තවදුරටත් අපගෙන් වියයුතු යම්කිසි  සහාය වීමක් ඇත්නම් ඒ සඳහා දායකත්වය දැක්වීමට ප්‍රතිඥා තබන අතර එමගින් මෙරට සෞඛ්‍ය පද්ධතියට ඔවුන්ගේ උපරීම කාර්යක්ෂමභාවයෙන් ක්‍රියාකිරීමට හැකිවනු ඇති අතර මෙම වසංගතය හා සටන් කිරීමේ ප්‍රයත්නයට යම් සහයෝගයක් දැක්වීමට අපටද හැකිවනු ඇති."

    ජනතාවට සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් අත්පත් කරදීමට කැපවී කටයුතු කරන සමාගමක් වශයෙන්, ශ්‍රී ලාංකිකයින්හට මෙම වසංගත තත්ත්වයෙන් ගොඩඒමට සිය උපරීමයෙන් සහාය වීම ඉන්ෂුවරන්ස් හී අපේක්ෂාවයි.  අතිශය කාර්යබහුල කාලවකවානුවක් පසුකරන මෙරට සෞඛ්‍යසේවා පද්ධතිය වෙනුවෙන් අපගේ දායකත්වය තවදුරටත් ලබාදීමට බලාපොරොත්තු වන අතර, සමාගම මෙරට ජනතාවගෙන්  වඩාත් වගකීමෙන් කටයුතු කරන ලෙසත්, රට වෙනුවෙන් සාමුහික  බලකායක් ලෙස එකට එක්ව එකිනෙකාට සහාය වෙමින් කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටියි.