• Ada Derana BIZ Sinhala
  • AIA
  • sri lanka

AIA හි තරුණ නායකත්ව කණ්ඩායමට සසිත් බඹරදෙණිය ප්‍රධාන අලෙවි නිලධාරී ලෙස එක් වෙයි

January, 24, 2023

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, 2023 ජනවාරි මස සිට සිය නව ප්‍රධාන අලෙවි නිලධාරී ලෙස සසිත් බඹරදෙණිය සම්බන්ද වූ බව සතුටින් නිවේදනය කර සිටියි.  වසර 15ක අලෙවිකරණ, සන්නිවේදන, ක්‍රමෝපායික සැලසුම් සහ මෙහෙයුම් නායකත්වයකින් හෙබි සසිත් බඹරදෙණිය මහතා  දේශීය රක්ෂණ ක්ෂේත්‍රය තුල කැපී පෙනෙන මෙන්ම සම්මානලාභී නව්‍ය ප්‍රයත්නයන් ගණනාවක් සඳහා පෙරමුණ ගෙන ක්‍රියාත්මක වී ඇති අත්දැකීම් සපිරි අලෙවිකරණ නායකයෙකි.

බඹරදෙණිය මහතා AIA සමාගමට ආගන්තුකයෙකු නොවේ.  සිය වෘත්තීය ජීවිතය AIA ශ්‍රී ලංකා හි කළමනාකරණ පුහුණුලාභියෙකු ලෙස  අරඹන ඔහු පසුව විවිධ ක්ෂේත්‍ර ගණනාවක් පුරාවට සේවය කර අත්දැකීම් රාශියක් ලබා ඇති අතර ඉතා මෑතක දී එනම් AIA හා සම්බන්ද වීමට පෙර ෆෙයා ෆස්ට් රක්ෂණ සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී තනතුර හෙබවීය. නිර්මාණශීලීත්වය, නවෝත්පාදන සහ පරිවර්තනය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ඔහුට ඇති හැකියාව මෙන්ම ඔහු සතු අත්දැකීම් සම්භාරය ඔස්සේ AIA ශ්‍රී ලංකා හි තරුණ නායකත්ව කණ්ඩායමේ දක්ෂතා පූර්ණ සංචිතයට නව ජවයක් ඔහුගෙන් ලැබෙනු ඇත.

සසිත් බඹරදෙණිය මහතා ඉහල ශක්තතාවයන් දක්වන විෂයන් අතුරින් ඇතැමක් ලෙස නිෂ්පාදන කළමනාකරණය, විද්‍යුත් ව්‍යාපාර(e-commerce) සන්නාම සංවර්ධනය සහ සන්නිවේදනය හැදින්විය හැක.  ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණය පිලිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර ඕස්ට්‍රේලියාවේ නිව්කාසල් විශ්ව විද්‍යාලයෙන් අලෙවිකරණය සහ කළමනාකරණය පිළිබඳ ප්‍රධාන වූ ව්‍යාපාර පිළිබඳ උපාධියක් ද ඔහු සතුව ඇත.

AIA ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරිනී  චතුරි මුනවීර මහත්මිය මෙම පත්වීම පිළිබඳව සිය අදහස් දක්වමින් කියා සිටියේ "සසිත් අත්දැකීම් බහුල, ඉහල දක්ෂතාවලින් පිරිපුන් අලෙවිකරණ නායකයෙක්.  සන්නාමය වැඩි දියුණු  කරමින් සේවාලාභීන් සහ ව්‍යාපාර කේන්ද්‍රික අලෙවිකරණ ප්‍රවේශයක් ඔස්සේ සන්නාමය සංවර්ධනය කරා ගෙනයාමේ හැකියාව ඔහුට තිබෙන බව මගේ විශ්වාසයයි. ඔහු AIA ශ්‍රී ලංකා හි කණ්ඩායමට මෙන්ම විධායක කණ්ඩායම නියෝජනය කිරීම පිළිබඳව මා හදවතින්ම සතුටු වෙනවා.

"AIA ශ්‍රී ලංකා හි  ක්‍රමෝපායික ගමන්මග සහ  වර්ධන අභිලාෂයන් සමගින් සම්බන්ද වීමට ලැබීම මට සතුටක්." යැයි සසිත් බඹරදෙණිය මහතා සිය අදහස් දක්වමින් කියා සිටියි.  මම මගේ  වෘත්තීය ජීවිතය ආරම්භ කලේ AIA සමාගම සමගින් ඒ නිසා මෙම සමාගම මගේ හදවතට ඉතාමත් සමීපයි.  මට මගේ  වෘත්තීය ගමන්මග තුල තිබූ අපේක්ෂාවන් කඩිනමින් ලඟා කරගැනීමට මට AIA ශ්‍රී ලංකා අවස්ථා ලබා දුන්නා. මා හට එවන් සාර්ථක ආරම්භයක් ලබා දුන්  සමාගමට නැවත සම්බන්ද වීමට ලැබීම  භාග්‍යක්  ලෙස මා සලකනවා.  AIA ශ්‍රී ලංකා හි කණ්ඩායම සමගින් එක්ව ව්‍යාපාරයේ ඉදිරි සාර්ථකත්වය කරා ගමන් කිරීමට මා කැපවන අතර මේ සුන්දර දිවයිනේ වෙසෙන ප්‍රජාවගේ ජීවිත වලට අර්ථවත් වෙනසක් ඇතිකිරීම සඳහා මාගේ නොමඳ සහය ලබා දීමට මා බලාපොරොත්තු වෙනවා.   සියලු දෙනාහට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීමට සහාය වීම යන අපගේ සන්නාම ප්‍රතිඥාවට සැබෑ අරුතක් එක්කිරීම අප කරන්නා වූ සෑම කටයුත්තක් සඳහාම එම ප්‍රතිඥාව කේන්ද්‍රකොට ගැනීමට ප්‍රයත්න ගන්නා අතර ජීවිත රක්ෂණය ඔස්සේ ප්‍රජාවට ජීවිතය උපරීමයෙන් ගත කිරීමට සහය වන පරිසරය නිර්මාණය කිරීමට, රක්ෂණයක සාම්ප්‍රදායික ආකෘතියෙන් ඔබ්බට යමින්  පරිවර්තනයක්  ඇති කිරීමේ පුරෝගාමී මෙහෙවර සිදුකිරීමට  අපි අපේක්ෂා කරනවා"