AIA හෙල්ත් පාස්පෝට් – වෙතින් සියලු ශ්‍රී ලාංකිකයින්හට මෙරට දී මෙන්ම පිටරටදීත් හොඳම සෞඛ්‍ය සේවාවකට ප්‍රවේශය

    September, 20, 2023

    AIA හෙල්ත් පාස්පෝට්, ජීවිත රක්ෂණයක් සමඟින් ලබාගත හැකි සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් වන අතර මෙය ක්ෂේත්‍රය තුල ප්‍රමුඛත්වයක් ගැනීමට මෙන්ම ප්‍රවණතාවයක් සැකසීමට සමත් සෞඛ්‍ය රක්ෂණ ආවරණයකි.  සෞඛ්‍ය රැකවරණය සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙමඟින් සියලු ශ්‍රී ලාංකිකයින්හට ලොව පුරා හොඳම සෞඛ්‍ය සේවාවක් අත්විඳීමට අවකාශය සැලසෙනු ඇත. කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති උත්කර්ෂවත් උත්සවයක දී මෙම රක්ෂණ විසඳූම දියත් කරන ලද අතර ඒ සඳහා ශ්‍රී ලංකාව පුරා විසිර සිටින වඩාත් ඉහල කාර්යසාධනයක් සහිත AIA  අලෙවි බලකා සාමාජිකයින් 400කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

    AIA හෙල්ත් පාස්පෝට් ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් මෙරට දී මෙන්ම පිටරටදීත් හොඳම සෞඛ්‍ය සේවාවක් සඳහා ප්‍රවේශය ලබා දෙන්නා වූ පරිපූර්ණ සෞඛ්‍ය රක්ෂණ ආවරණයකි.  ඔබගේ සහ ඔබගේ ආදරණීයයන්ගේ රෝහල්ගත වීමේ ගාස්තු රුපියල් මිලියන 50ක් දක්වා ආවරණය කරන AIA හෙල්ත් පාස්පෝට් ඔස්සේ ඔබට මුදල් රහිත (cashless) හෝ මුදල් ප්‍රතිපූරණ (re-imburse) විකල්ප දෙකෙන් එකක් ඔස්සේ රෝහල්ගතවීමේ පහසුකම සලසා ඇත.  මෙම ආවරණය ඔස්සේ සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභ රාශියක් ඔබට ලබා ගැනීමේ හැකියාව ඇති අතර, මාතෘත්ව ආවරණය, පෙර සහ පසු රෝහල්ගතවීමේ වියදම් ආවරණය, එක්දින සැත්කම් 136ක් සඳහා වන ආවරණය, self-pay විකල්පය, ගිලන්රථ සේවා වියදම් ආවරණය, ඔබගේ මුළු පවුල සඳහාම වන ආවරණය, හිමිකම් නොපෑමේ වරප්‍රසාදය, පුනස්ථාපන ප්‍රතිලාභය, අවයව දායකයා වෙනුවෙන් ප්‍රතිලාභය, රෝහලට ඇතුලත් කිරීමේ ගාස්තු ආවරණය,  කෘතීම අවයව සහ අවයව බද්ධ කිරීමේ ආවරණය, දන්ත ප්‍රතිකාර සඳහා වන ආවරණය, ආයුර්වේද ප්‍රතිකාර සඳහා වන ආවරණය සහ සුවතා ආවරණය ඉන් කිහිපයකි.

    කිසිවෙකුත් රෝගී වීමට බලාපොරොත්තු නොවුනත්, අපට ලෙඩරෝග වැළදෙන්නේ වඩාත් අනපේක්ෂිත අවස්ථාවන් හිදීයි. එවන් අවස්ථාවන්ට ශක්තිමත්ව මුහුණ දීම සඳහා කල්තියා මූල්‍යමය වශයෙන් සූදානම්ව සිටීම මගින් අපට හොඳම වෛද්‍ය සහ රෝහල්ගතවීමේ සේවාවන් අත්විඳීමට අවස්ථාව උදා වේ. ඒ ඔස්සේ අපගේ ජීවිතයේ අනාගත අරමුණු කිසිම ගැටලුවකින් තොරව ඉටුකර ගැනීමටත් අපිට හැකියාව ලැබෙනු ඇත.  කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුල සෞඛ්‍ය වියදම් සීග්‍ර ලෙස ඉහල යමින් පවතින වාතාවරණයක් තුල හොඳම සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඇති හැකියාව ජනතාව තුලින් ගිලිහී යමින් පවතියි. එබැවින් හදිසියේ ඇතිවිය හැකි සෞඛ්‍ය තත්ත්වයන් සඳහා සූදානම්ව සිටීම මගින් ඔබට රැකියාව කරන ආයතනයෙන් ලැබෙන රෝහල් ආවරණයෙන් හෝ තමාගේ පුද්ගලික ඉතුරුම් මුදල් මත පමණක් යැපීමෙන් වැළකී සිටීමට හැකිවෙනු ඇත.   දැන් AIA හෙල්ත් පාස්පෝට් සමඟින් අනපේක්ෂිතව ඔබට ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු සඳහා මුහුණ දීමට කදිම ආරක්ෂණ ජාලයක් ඇත.  ඒ ඔස්සේ ඔබට සැලකිය යුතු මූල්‍යමය බරකින් තොරව හොඳම සෞඛ්‍ය සේවාවක් සඳහා ප්‍රවේශය තහවුරු කෙරේ.

    සෞඛ්‍ය රක්ෂණයේ ඔබ්බට සහ ඉදිරියට යමින් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම රෝහල්ගතවීම් සහ වෛද්‍ය ප්‍රතිලාභ වලට අමතරව, විවිධ සෞඛ්‍ය සහ සුවතා ප්‍රතිලාභ රැසක් සිය සේවාලාභීන් වෙත පිරිනමයි. ඒ ඔස්සේ ඔවුනගේ ජීවිතයට පහසුකම් ලඟා වෙනවා මෙන්ම ඔවුනට සහ ඔවුන්ගේ ආදරණීයයන්හට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ලඟා කරගැනීමටද හැකිවනු ඇත.  ශ්‍රී ලංකාව තුල වඩාත් පිළිගත් සුවතා සහකරුවන් වන Doc990, Doc990, Flash Health, My Dentist, Vida Medical Clinic, Unilever Pureit, Vision Care සහ Teardrop hotels සමඟින් සහයෝගීතාවන්ට එළඹී ඇති අතර, සිය සේවාලාභීන්හට, සිය කාලය ක්‍රියාශීලී මෙන්ම සුවතාවයෙන් සහ සතුටින් ගත කිරීම සඳහා මෙවැනි ආකර්ෂණීය  සුවතා පිරිනැමීම් සහ වට්ටම් ලබා දෙන එකම ජීවිත රක්ෂකයා වන්නේ AIA සමාගමයි. මෙසේ පුළුල් පරාසයක විහිදුනු සෞඛ්‍ය සහ සුවතා ප්‍රතිලාභ සමඟින් සේවාලාභීන්හට ඕනෑම ස්ථානයක සිට, ඕනෑම වෙලාවක දී මාර්ගගත ක්‍රමයට වෛද්‍යවරුන්ගේ උපදේශන සේවා ලබා ගැනීමේ පහසුකමත්, නොමිලේ ඖෂධ ගෙදෙරටම ගෙන්වා ගැනීමට මෙන්ම ජංගම රසායනාගාර පහසුකම් ඔස්සේ නිවසටම ගෙන්වා පරීක්ෂණ කරවා ගැනීමට ද හැකියාව සැලසේ. ඒ වගේම දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා වට්ටම්, ඇස් කණ්නාඩි,  හෝටල් ජාලයක් වෙතින් හෝටල් කාමර සහ ජලය පිරිසිඳු කරන ෆිල්ටර සඳහා වට්ටම් ලබාදීම සමඟින් පරිපූර්ණ වෛද්‍ය සේවාවන් ද ලබා ගැනීමේ හැකියාව ඇත.

    AIA හෙල්ත් පාස්පෝට් යනු අසමසම ආවරණයක් මෙන්ම සුවතා විසඳුම් ද සමඟින් ඔබට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයකට මග කියන්නා වූ ගමන් බලපත්‍රයකි.  වැඩි විස්තර සදහා කරුණාකර 0112 310 310  අමතන්න.