Alivio දැන් නුගේගොඩ දී

    November, 13, 2024

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට නව මුහුණුවරක් එක් කරමින් පසුගිය (11) දා Alivio පුද්ගලික සමාගම එහි දොරටු නුගේගොඩ නගරයේදී ජනතාවට විවෘත කෙරුණි.

    මෙහිදී බාහිර ප්‍රතිකාර සේවා තුවාල සත්කාර සේවා, වෛද්‍ය චැනලින් සේවා, භෞතික චිකිත්සක සේවා රසායනාගාර රෝග විනිශ්චය සේවා උපදේශන සේවා ෆාමසි සේවා සමඟ තවත් බොහෝ නවීන සෞඛ්‍ය සේවා ඉතා සහනදායී සහ කඩිනම් සේවාවක් සැපයීමට Alivio කාර්ය මණ්ඩලය ඔබ වෙනුවෙන් කැපවී සිටී.

    මෙම විවෘත කිරීමේ අවස්ථාවට Alivio පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය රසාංජන අබේව්ක්‍රම, ප්‍රධාන වෛද්‍ය නිලධාරී මුසිනි මුබාරක්,  වෛද්‍ය නිලධාරී ජයසීලන්, වෛද්‍ය නිලධාරිනී අශ්මිලා රාමචන්ද්‍රන්, භෞතික චිකිත්සක සහන් ජයවර්ධන, ප්‍රධාන හෙද නිලධාරිනී දිලිනි සඳමාලි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Video Story

    Stock Market

    Exchange Rates