Ashley Furniture HomeStore මෙරට පළමු අලෙවි ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

    November, 27, 2015

    ලොව විශාලතම ගෘහභාණ්ඩ නිෂ්පාදකයා වන Ashley Furniture HomeStore සමාගම මෙරට පළමු අලෙවි ප්‍රදර්ශනාගාර පසුගියදා පාරිභෝගික ජනතාව වෙනුවෙන් විවෘත කළේය.

    වර්ග අඩි 10,000 ක සුවිසල් වපසරියකින් යුතු, කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි මෙම නවතම අලෙවි ප්‍රදර්ශනාගාරය ගෘහභාණ්ඩ වෙනුවෙන් ඵලදායී ආයෝජනයක් සිදු කිරීමට බලාපොරොත්තුවන සියලුම පාරිභෝගික ජනතාවට මනා තෝතැන්නක් වේ. Heritage House ලෙස නම් කර ඇති මෙම ගෘහභාණ්ඩ නිවහන තුළින් නිදන කාමර කට්ටලවල සිට මේස ලාම්පු සහ ඇතිරිලි දක්වා නවීන ජීවන රටාවට අදාළ ඕනෑම නිෂ්පාදනයක් මිලදී ගැනීමේ හැකියාව පවතී.

    කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි මෙහි හිමිකාරීත්වය සහ මෙහෙයුම් කටයුතු බලයලත් D'Decor සමාගම සතු වේ.

    "අලෙවි ප්‍රදර්ශනාගාරය විවෘත කර පැය කිහිපයක් ගත වීමට ද පෙර අප හට ලැබුණු පාරිභෝගික ප්‍රතිචාර ඉතා විශාලයි. ලොව අංක එකේ ගෘහභාණ්ඩ නිෂ්පාදන සන්නාමය ලෙස ශ්‍රී ලාංකේය වෙළඳපලට පිවිසීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වන අතර මෙරට ජනතාවගේ විශ්වාසය සහ ආකර්ෂණය දිනා ගැනීම අපගේ අරමුණයි." D'Decor සමාගමේ නිලධාරියෙක් සඳහන් කළේය.

    "Ashley Furniture HomeStore යනු ගෘහභාණ්ඩ ක්ෂේත්‍රයේ ලොව පවතින උසස්ම ප්‍රමිතීන් තුළින් පාරිභෝගික ජනතාවට පෙර අත්නොවිඳි ආකාරයේ විශ්වසනීය බවක් සහ පහසුවක් ළඟා කර දීම වෙනුවෙන් කැප වූ සමාගමක්. Ashley Furniture HomeStore නාමය සඳහා ලොව පුරා ජනතාවගෙන් හිමි වී ඇති අසමසම විශ්වාසය නිසාම එය වර්තමානයේ ලොව ප්‍රමුඛතම ගෘහභාණ්ඩ අලෙවිකරුවෙකු බවට පත්ව සිටිනවා. කොළඹදී විවෘත කළ මෙම නවතම අලෙවි ප්‍රදර්ශනාගාරය ද එම සම්ප්‍රදායය තවදුරටත් ඉදිරියට පවත්වා ගනිමින් මෙරට ගෘහභාණ්ඩ ක්ෂේත්‍රය නැවුම් වෙනසකට ලක් කිරීම වෙනුවෙන් කැප වනු ඇති." ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    1945 දී ස්ථාපනය වූ ඇමරිකානු ගෘහභාණ්ඩ සන්නාමයක්වන Ashley, මෙරට වෙළඳපලට පිවිසෙනුයේ සිය සමාගම සතු දශක හතකට අධික අත්දැකීම් සම්භාරය සමඟිනි. ලොව විශාලතම නිෂ්පාදන මාදිලි පෙළකින් සමන්විත මෙය රාජ්‍යයන් 123 ක පිහිටි 575 කට අධික අලෙවි ප්‍රදර්ශනාගාර ජාලයකට හිමිකම් කියයි.

    ගුණාත්මක බවින් ඉහල ගෘහභාණ්ඩ නිෂ්පාදනය සඳහා කීර්තිමත් නාමයකට හිමිකම් කියන Ashley Furniture HomeStore, උතුරු ඇමරිකාවේ අංක එකේ ගෘහභාණ්ඩ අලෙවිකරුවා ලෙස ද ලෝක මට්ටමේ ගෘහභාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයා ලෙස ද ගෝලීය වෙළඳපල තුළ වැජඹෙයි.

    කොළඹදී විවෘත කළ නවතම අලෙවි ප්‍රදර්ශනාගාරය Crestview මාදිලි පෙළ ගෙන්වා බෙදාහැරීමේ එකම බලයලත් අලෙවි නියෝජිත වීම විශේෂත්වයකි. ගෘහ අලංකරණය, වර්ණ සහ අමුද්‍රව්‍ය සඳහා දශක තුනකට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන Crestview නාමය, නව්‍යකරණය, අසමසම නිෂ්පාදන පෙළ සහ තරගකාරී මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතාවට ගැළපෙන ගෘහ අලංකරණ විසඳුම් ලබා දෙයි. ආලෝකකරණය, ගෘහ අලංකරණ උපාංග, උද්දීපන ගෘහභාණ්ඩ සහ බිත්ති අලංකරණය සඳහා Crestview සතු විශේෂඥතාව එය 2015 වසර සඳහා හඳුන්වා දුන් ගෘහඅලංකරණ මාදිලි පෙළ තුළින් පිළිබිඹු වේ.

    ශ්‍රී ලාංකේය ගෘහභාණ්ඩ ක්ෂේත්‍රය විශාල වශයෙන් අපනයනය මත පදනම්වන තත්ත්වයක් තුළ, මෙරට වේගයෙන් ව්‍යාප්තවන බටහිර සංස්කෘතියට ගැළපෙන ගෝලීය සන්නාම සඳහා වර්තමානයේදී වැඩි අවස්ථාවක් පවතී.

    නිදනකාමර කට්ටල, කෑම කාමර කට්ටල, ආසන සැකසුම්, චලිත ආසන සැකසුම්, ලෙදර්, උත්සව මේස, විනෝද මධ්‍යස්ථාන, නිවසේ කාර්යාල විසඳුම්, සැතපෙන අසුන්, මෙට්ට, විදුලි ලාම්පු, උද්දීපන කොට්ට, ඇතිරිලි සහ වෙනත් ගෘහ අලංකරණ උපාංග වලින් මෙම නවතම ප්‍රදර්ශනාගාරය සමන්විතය.