ASUS සමාගම AI තාක්ෂණයෙන් බලගැන්වූ සිය නවතම ExpertBook Ultra පරිගණකය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

    July, 31, 2026

    ව්යාපාරික කටයුතු සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ ExpertBook B සහ P මාදිලි පෙළ තවදුරටත් පුළුල් කෙරේ.

    • ක්රියාකාරී විධායක නිලධාරීන්ට සහ ව්යාපාරික ප්රධානීන්ට සිය උපරිම නිර්මාණශීලීත්වය හා කාර්යක්ෂමතාව ලබාගැනීමට හැකිවන පරිදි, ක්ෂේත්රයේ ප්රමුඛතම පරිගණකයක් වන ASUS ExpertBook Ultra නිර්මාණය කර ඇත.
    • නවතම මාදිලි සහ next-gen Intel® Core™ Ultra ප්රොසෙසර්වලින් සමන්විත ExpertBook B සහ P මාදිලි පෙළ, අසමසම AI තාක්ෂණික බලගැන්වීමක් සමඟින් තවදුරටත් පුළුල් කෙරේ.
    • ASUS ExpertBook මාදිලි පෙළ අතිනවීන next-gen AI ක්රියාකාරීත්වය, ඉහළම මට්ටමේ පද්ධති ආරක්ෂාව, අසමසම දිගුකල් පැවැත්ම සහ විශිෂ්ට පාරිභෝගික සේවාව සමඟින් ව්යාපාරිකයන්ට විශ්වසනීය භාවිතයක් තහවුරු කරයි.

    ප්රධාන කරුණු

    ASUS ExpertBook Ultra: විශිෂ්ටතම ව්යාපාරික සාර්ථකත්වයක් උදෙසා නිර්මාණය කළ, ක්ෂේත්රයේ විශිෂ්ටතම මාදිලිය

    • ඉතා සැහැල්ලු අලංකාර නිමාව : අඟල් 14ක තිරයකින් යුත් මෙම පරිගණකය, 0.99kg තරම් අවම බරකින් සහ9mmක අතිශය සිහින් නිමාවකින් යුක්ත වේ. ගුවන්යානා නිපදවීම සඳහා යොදාගන්නා AZ31B මැග්නීසියම්-ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් සහ 9H hard nano ceramic ආවරණයකින් නිර්මාණය කර ඇති බැවින්, සීරීම්, පැල්ලම් සහ නිතර ගමන්බිමන් යාමේදී සිදුවන ආපදාවන්ගෙන් පරිගණකයට දිගුකාලීන ආරක්ෂාවක් හිමිවේ.
    • 50W උපරිම CPU ක්රියාකාරීත්වය : Intel® Core™ Ultra Series 3 ප්‍රොසෙසරයකින් සහ ද්විත්ව pressure fan වලින් සමන්විත ASUS ExpertCool Pro තාක්ෂණයෙන් බලගන්වා ඇති මෙම Copilot+ PC පරිගණකය, රත්වීම පාලනය කරමින් එකදිගට 50W TDP බලයක් පවත්වා ගනී. 180 Platform TOPS දක්වා වූ AI බලයක් සහ Intel Arc B390 integrated graphics මඟින් 3x AI ක්‍රියාකාරීත්වයක් ලබාදෙන අතර, එමඟින් සංකීර්ණ ව්‍යාපාරික කටයුතු වේගවත්ව සහ කාර්යක්ෂමව කිරීමට උපකාරී වේ.
    • අධිවේගී දත්ත ගබඩා කිරීම සහ මතකය : ක්ෂේත්‍රයේ ප්‍රථමවරට PCIe® Gen 5 NVMe SSD තාක්ෂණයෙන් යුත් 2TB දක්වා වූ ධාරිතාවය සහ තත්පරයට මෙගාබයිට් 14,090 (14,090 MB/s) දක්වා වූ අධිවේගී දත්ත හුවමාරුවක් මෙන්ම, 9600 MT/s වේගයකින් යුත් 64GB දක්වා වූ LPDDR5X මතකයක් තිබීම හේතුවෙන් සංකීර්ණ දත්ත විශ්ලේෂණයන් සහ ඉහළ ව්‍යාපාරික ප්‍රධානීන්ගේ සියලු ව්‍යාපාරික කාර්යයන් ක්ෂණිකව ඉටු කරගැනීමේ හැකියාව ලැබෙයි.
    • කාර්යක්ෂම AI තාක්ෂණ මෙවලම් : 180 System TOPS දක්වා වූ සමස්ත AI බලයක් සහ වෙනම ක්‍රියාත්මක වන 50 TOPS NPU එකකින් සමන්විත ASUS ExpertBook Ultra පරිගණකය මඟින් සංකීර්ණ AI මාදිලි (LLM) ක්‍රියාත්මක කිරීම, සජීවී පරිවර්තන (real-time translation) සහ Generative AI කාර්යයන් පහසුවෙන් සිදු කළ හැක. එමෙන්ම, Online meeting සඳහාම විශේෂාංග රැසක් සහිතව ASUS ExpertMeet මෘදුකාංගය ද මීට ඇතුළත් කර ඇත. වටපිටාවේ ශබ්ද පාලනය කරන AI noise cancellation තාක්ෂණය සහිත Dual-array මයික්‍රෆෝන පද්ධතියක් සහ මුහුණේ බැල්ම රඳවාගැනීම සඳහා fixed gaze ඇතුළු විශේෂාංග සහිත AI කැමරාවකින් ද මෙය සමන්විත වේ.
    • අතිසුපැහැදිලි දසුන් මවන Tandem OLED තිරය : අඟල් 14ක 3K (2880x1800) Tandem OLED anti-glare Touchscreen එකකින් සමන්විත මෙම පැනලයේ ආයු කාලය සැලකිය යුතු ලෙස වැඩි කර ඇති අතර, විදුලිය පරිභෝජනය 40%කින් අඩු කරයි. 1400 nits උපරිම දීප්තිය, HDR™ 1000 True Black, 133% sRGB වර්ණ නිරවද්‍යතාව සහ 144Hz දක්වා වෙනස් වන Refresh Rate එකක් මඟින් ඉතා පැහැදිලි දර්ශන ලබාදෙයි. එමෙන්ම, Nano-Etching සහ Corning® Gorilla® Glass Victus® Matte තාක්ෂණය මඟින් ආලෝකය පරාවර්තනය වීම අවම කර ඕනෑම පරිසරයකදී අතිසුපැහැදිලිව තිරය නැරඹීමේ හැකියාවද ලබාදෙයි.
    • Dolby Atmos තාක්ෂණය සහිත උසස්ම Audio : Dual-magnetic woofers සහ විශේෂිත tweeters සහිත, Dolby Atmos® තාක්ෂණය ඇතුළත්කොට නිපදවන ලද 6-speaker spatial audio පද්ධතියකින් මෙය සමන්විත වේ. 95dB දක්වා වූ උපරිම ශබ්ද ධාරිතාවයකින් යුක්ත වන නිසා, පැහැදිලි කටහඬ සමඟින් online සාකච්ඡා ඉතාමත් සජීවී අයුරින් පවත්වා ගැනීමට ExpertBook Ultra උපකාරී වේ.
    • මිලිටරි ප්රමිතියෙන් යුතු ඉහළම සවිශක්තිය : MIL-STD-810H මිලිටරි ප්‍රමිති වර්ගීකරණයන් 11ක් යටතේ දැඩි පීඩන පරීක්ෂණ 24කට ලක් කර මෙහි ශක්තිමත් බව තහවුරු කර ඇත. තිරය ඇරීම/වැසීම වාර 50,000ක් පරීක්ෂා කිරීම, තිරය මතට 25kg පීඩනයක් දෙමින් ඔරොත්තු දීම පරික්ෂා කිරීම සහ යතුරුපුවරුවේ 355cc ජල ආරක්ෂණය ඇතුළු ASUS සමාගමේ තවත් අභ්‍යන්තර පරීක්ෂණ 157කින් සමත් වී ඇත. මේ සියල්ල තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ප්‍රධානීන්ගේ කාර්යබහුල දෘඪ සේවා පරිසරයට මෙය මැනවින් ඔරොත්තු දෙන බවට තහවුරු කරයි.
    • අධිවේගී සබඳතා සහ Ports : Thunderbolt™ 4 Type-C port 2ක්, USB-A 3.2 Gen 2 port 2ක්, පූර්ණ ප්‍රමාණයේ HDMI 2.1 port එකක් සහ5mm jack එකක් ඇතුළුව අවශ්‍ය සියලුම අධිවේගී port පහසුකම්වලින් සමන්විත වේ. එමෙන්ම, මෙහි ඇති Wi-Fi 7 සහ Bluetooth 6.0 ඇන්ටනා, පරිගණකය තුළ වායු පිටවන ස්ථානවල ඇති 3D ප්ලාස්ටික් කොටස් මත කෙළින්ම සවිකර ඇති අතර, එමඟින් 5GHz සහ 6GHz සංඥා කාර්යක්ෂමතාව 43%කින් ඉහළ නංවයි.
    • ASUS ExpertGuardian සමඟ Bulletproof ආරක්ෂාවක් : NIST SP 800-193 ප්‍රමිතියට අනුකූලව නිපදවා ඇති firmware ආරක්ෂාව සපයන මෙම වර්ගයේ ප්‍රථම පරිගණකය මෙයයි. Match-on-Chip ඇඟිලි සලකුණු ස්කෑනරය, IR කැමරාව, Discrete TPM 2.0, Secured Core PC, ස්වයංක්‍රීයව යථා තත්ත්වයට පත්වන Dual self-healing BIOS, පරිගණකය විවෘත කිරීම හඳුනාගැනීමේ පද්ධතිය සහ Microsoft Pluton Security තාක්ෂණය මඟින් ආයතනික දත්තවලට උපරිම ආරක්ෂාවක් සපයයි.
    • දවස පුරා බැටරි බලය : පැය 26ක් දක්වා භාවිත කළ හැකි 70Wh (4-cell) ඉහළ ධාරිතාවයකින් යුත් බැටරියකින් සමන්විත වන අතර, එහි ඇති 90W USB-C වේගවත් චාජරය මඟින් විනාඩි 30ක් වැනි කෙටි කාලයකදී 50%ක් දක්වා බැටරිය චාර්ජ් කරගත හැක. එමෙන්ම 5V සිට 24V දක්වා ඕනෑම බලප්‍රමාණයකින් චාර්ජ් කිරීමේ පහසුකම ඇති බැවින් Power Bank හෝ ගුවන්යානාවල ඇති චාජර් මඟින් පවා බලගැන්විය හැකි අතර, එමඟින් දීර්ඝ ගුවන් ගමන්වලදී මෙන්ම ගමන්බිමන් අතරතුරදීත් බාධාවකින් තොරව ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට අවස්ථාව ලැබේ.
    • ඉහළ සංවේදීතාවයකින් යුත් Glass Haptic Touchpad : 110cm²ක විශාලත්වයකින් යුත්, එක් කෙළවරක සිට අනෙක් කෙළවරට විහිදුණු සුමට වීදුරු Touchpad එකක් මෙහි ඇතුළත් වේ. AAC haptic එන්ජිමක් සහ ස්වාධීන Force Sensors 6ක් භාවිත කර ඇති බැවින්, ශබ්දයකින් තොරව ඉතා නිවැරදිව හා සුමටව මෙය හැසිරවීමේ හැකියාව ඇත‍.

    නවතම ASUS ExpertBook B Series (B3 සහ B5) සහ P Series (P5 සහ P3) හි කැපී පෙනෙන විශේෂාංග: කරදර නැති ව්යාපාරික කටයුතු උදෙසා විශ්වාසයෙන් භාවිත කළ හැකි බහුකාර්ය සවිශක්තිමත් පරිගණක පෙළ

    • ඕනෑම ව්යාපාරික අවශ්යතාවයකට ගැළපෙන සැලසුම් සහ පහසුකම් : ආයතනයේ ඕනෑම තනතුරකට සහ කාර්යභාරයකට අනුව පරිගණකය වෙනස් කරගැනීමේ අසමසම හැකියාවක් මෙහි ඇත. විවිධ Chassis මාදිලි, Intel® Core™ Ultra Series 3 දක්වා වූ AI බලගැන්වූ ප්‍රොසෙසරය, අඟල් 14 සහ 16 තිර ප්‍රමාණ, 63Wh දක්වා වූ බැටරි ධාරිතාව මෙන්ම Storage සහ Memory අවශ්‍යතාවය පරිදි තෝරාගැනීමේ පහසුකම් මෙයට ඇතුළත් වේ.
    • ස්මාර්ට් AI ක්රියාකාරීත්වය : Intel® Core™ Ultra Series 3 දක්වා වූ ප්‍රොසෙසර, Intel Xe3 ග්‍රැෆික්ස්, අධිවේගී DDR5 RAM සහ Gen 4 NVMe SSD තාක්ෂණය මෙන්ම ASUS ExpertCool උසස් තාප පාලන පද්ධතිය එක්ව පරිගණකයේ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන්ම ඉතා සුමටව සහ වේගවත්ව පවත්වාගෙන යයි.
    • අනාගතයට ගැළපෙන පරිදි පහසුවෙන් ධාරිතාව වැඩි කළ හැකි සැකැස්ම : දීර්ඝකාලීන භාවිතය වෙනුවෙන්ම නිපදවා ඇති අතර, 64GB DDR5 (5600MT/s) දක්වා ධාරිතාව වැඩිදියුණු කළ හැකි Dual SO-DIMM RAM Slots සහ PCIe® 4.0 දක්වා සහාය දක්වන Dual SSD Slots මෙහි ඇතුළත් වේ. එමඟින් අනාගතයේදී පවා පරිගණකයේ Hardware update කර ගැනීමේ හැකියාව සලසා දී ඇත.
    • මිලිටරි ප්රමිතියේ ශක්තිමත්භාවය : වර්ගීකරණයන් 11ක් යටතේ වන MIL-STD 810H මිලිටරි ප්‍රමිති පරීක්ෂණ 24කින් මෙය සමත් වී ඇත. තිරය ඇරීම/වැසීම වාර 50,000ක පරීක්ෂාවන්, තිරය මත 28kg පීඩනයකට ඔරොත්තු දීමේ හැකියාව, 78cc ජලය ආරක්ෂණ පරික්ෂාවක් සහ වාර මිලියන 10ක් යතුරු එබීම්වලට ඔරොත්තු දෙන යතුරුපුවරුව මඟින් දිනපතා ගමන්බිමන් අතරතුර සිදුවන දැඩි භාවිතයන්ට පවා ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව තහවුරු කරයි.
    • ASUS ExpertGuardian සමඟ ආයතනික මට්ටමේ දත්ත ආරක්ෂාව : TPM 2.0 දෘඩාංග පදනම් කරගත් දත්ත encryption තාක්ෂණය, ස්වයංක්‍රීයව යථා තත්ත්වයට පත්වන Self-Healing BIOS, පරිගණක කවරය විවෘත කිරීම හඳුනාගෙන අනතුරු අඟවන Optical Chassis Intrusion Alert, Microsoft Device Encryption සහ වසරක McAfee™ + Premium ආරක්ෂක මෘදුකාංග සබඳතාවය මඟින් සංවේදී ව්‍යාපාරික දත්ත සුරක්ෂිත කිරීම සඳහා ඉතා ප්‍රබල ආරක්ෂාවක් සපයයි.
    • AI තාක්ෂණයෙන් බලගැන්වූ Online සන්නිවේදන පහසුකම් : ASUS AI ExpertMeet මෘදුකාංගය මඟින් සජීවී පරිවර්තනය (real-time translation), AI මඟින් සකසන සාකච්ඡා සාරාංශ (AI-generated summary) සහ රැස්වීම් සටහන් (meeting notes) ලබාගැනීමේ පහසුකම් මෙන්ම, ඉහළම මට්ටමේ AI ශබ්ද පාලන (AI noise-canceling audio) පහසුකමද සපයයි. එමඟින් විවිධ කණ්ඩායම් අතර සන්නිවේදනය වඩාත් ඵලදායී කරයි. තවද, දෛනික රාජකාරි පහසු කරමින් වැඩකටයුතු සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වන ASUS MyExpert1 AI suite විශේෂාංගය ද නුදුරේදීම හඳුන්වා දීමට නියමිතය.
    • දත්ත පදනම් කරගත් කාර්යක්ෂම භාවිතය සඳහා විශාල සහ සුපැහැදිලි තිර පහසුකම් : භාවිතා කරන්නාගේ තෝරාගැනීම අනුව WUXGA OLED (1920 x 1200), WQXGA IPS (2560 x 1600) සහ WUXGA IPS (1920 x 1200) වැනි උසස් තත්ත්වයේ anti-glare තිර මාදිලි සහිත අඟල් 14 සහ අඟල් 16 මාදිලිවලින් ලබාගත හැක. 144Hz දක්වා වූ refresh rate එකක් සහ 400 nits දක්වා දීප්තිමත් බවක් (brightness) සහිත මෙම තිර, ව්‍යාපාරික කටයුතුවලට ඉතා යෝග්‍ය 16:10 aspect ratio එකකින් යුක්ත වේ.
    • කරදර නැති අධිවේගී සබඳතා : Thunderbolt™ 4, HDMI 2.1 සහ නවතම Wi-Fi 7 තාක්ෂණය ප්‍රමිතියක් ලෙස ඇතුළත් කර ඇති අතර, සාම්ප්‍රදායික ආයතනික පරිසරයන් වෙනුවෙන්ම ආරක්ෂිත සහ අධිවේගී වයර් සම්බන්ධතාවයන් ලබාගැනීම සඳහා පූර්ණ ප්‍රමාණයේ RJ45 Gigabit Ethernet port එකකින්ද සමන්විත වේ.
    • කරදර නැති බැටරිය සහ චාර්ජ් කිරීමේ පහසුකම් : මෙම පරිගණක පෙළ 63Wh දක්වා වූ ඉහළ ධාරිතාවයකින් යුත් බැටරිවලින් සමන්විත වන අතර, 5V සිට 24V දක්වා ඕනෑම බලප්‍රමාණයකින් චාර්ජ් කිරීමේ පහසුකම ලබා දෙයි. මේ නිසා Power Bank හෝ ගුවන්යානාවල ඇති චාර්ජර් මඟින් පවා බලගැන්විය හැකි බැවින්, දීර්ඝ ගුවන් ගමන්වලදී මෙන්ම ගමන්බිමන් අතරතුරදීත් බාධාවකින් තොරව ඔබේ ව්‍යාපාරික කටයුතු කරගෙන යා හැක. තවද, මෙහි ඇති Smart 65W USB-C PD+PPS වේගවත් චාර්ජරය භාවිතයෙන් Type-C උපාංග පවා පහසුවෙන් චාර්ජ් කරගත හැක.
    • විශ්වසනීය පාරිභෝගික සහාය : ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම මෙන්ම නොමිලේ ලබාදෙන දුරකථන සහාය (සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 9:00 සිට ප.ව. 6:00 දක්වා), ස්ථානීය සේවාවන් (onsite service), රටවල් 90ක් සඳහා බලපැවැත්වෙන ජාත්‍යන්තර වගකීම් සහතිකය, සහ වසර 5ක් දක්වා දීර්ඝ කරගත හැකි සම්මත ස්ථානීය වගකීම් කාලය ඇතුළු විශිෂ්ටතම අලෙවියෙන් පසු සේවාවක් ලබා දෙයි.

    ExpertBook P5, B5, P3 and B3

    ASUS සමාගම විසින් සිය ප්‍රමුඛතම පරිගණක මාදිලිය වන, ASUS ExpertBook Ultra ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. ආයතනික ප්‍රධානීන් සහ ව්‍යාපාරික ප්‍රධානීන්ගේ දැක්ම සැබෑ කිරීමට සැලසුම් කරන ලද Copilot+ පරිගණකයක් වන මෙය ඉතා සැහැල්ලු නිමාවකින් යුතු වේ. AI තාක්ෂණයෙන් බලගැන්වූ ඉහළම කාර්යක්ෂමතාවක්, අතිසුපැහැදිලි තිර පද්ධතියක්, ගුණාත්මක ශබ්ද පහසුකම්, දවස පුරා පවතින බැටරි බලය, සුවපහසු යතුරුපුවරු භාවිතය, ක්ෂේත්‍රයේ ඉහළම මිලිටරි මට්ටමේ ශක්තිමත්භාවය, ආයතනික මට්ටමේ දත්ත ආරක්ෂාව, විශිෂ්ටතම පාරිභෝගික සහාය සහ පහසු උපාංග සබඳතා ඇතුළු අසමසම විශේෂාංග රැසකින් මෙය සමන්විත වේ.

    මීට අමතරව, ශ්‍රී ලංකාවේ ආයතනික සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නැඟී එන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි, AI තාක්ෂණික කාර්යක්ෂමතාවයෙන් සහ අනාගතයට ගැළපෙන අයුරින් වැඩිදියුණු කිරීමේ හැකියාවන්ගෙන් යුත් B Series (B3 සහ B5 මාදිලි) සහ P Series (P3 සහ P5 මාදිලි) ද ExpertBook එකතුවට අලුතින් එක් කර ඇත.

    next-gen Intel® Core™ Ultra Series 3 ප්‍රොසෙසර මඟින් බලගැන්වෙන මෙම නව ExpertBook Ultra, B Series සහ P Series ව්‍යාපාරික ලැප්ටොප් පරිගණක සියල්ල ASUS ‘Worry-Free Business Experience’ සංකල්පය යටතේ නිර්මාණය කර ඇත. එමඟින් විශිෂ්ට ක්‍රියාකාරීත්වය, ආයතනික දත්ත ආරක්ෂාව, මිලිටරි මට්ටමේ ශක්තිමත්භාවය, පූර්ණ සබඳතා පහසුකම් මෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත්ම පුළුල් වාණිජ පාරිභෝගික සහාය පද්ධතිය එකම වහලක් යටට ගෙන එයි.

    ප්රමුඛතම මාදිලිය: ASUS ExpertBook Ultra

    ASUS ExpertBook Ultra යනු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම පරිගණක මාදිලියයි. ගුවන්යානා තාක්ෂණයට සහ Formula 1 තරගකාරී රථ සඳහා සාමාන්‍යයෙන් භාවිත කරන AZ31B magnesium-aluminum මිශ්‍ර ලෝහයෙන් නිපදවා ඇති මෙය, ඉතා පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි සැහැල්ලු පරිගණකයකි. 9H hardness rating සහිත Nano Ceramic මතුපිට නිමාවකින් සමන්විත මෙය, විශිෂ්ට ක්‍රියාකාරීත්වය, ශක්තිමත්භාවය, අලංකාර නිමාව සහ භාවිතයේ පහසුව යන සියල්ල මැනවින් එක්තැන් කරමින් තාක්ෂණිකව නිර්මාණය කර ඇත.

    භෞතික විද්‍යා නීතීන්ට පවා අභියෝග කළ විශිෂ්ටත්වයකින් නිර්මාණය කර ඇති ExpertBook Ultra පරිගණකය නවතම Intel® Core™ Ultra X9 (Series 3) ප්‍රොසෙසරය, අතිශය ප්‍රබල GPU එකක්, උසස් NPU (50 TOPS) තාක්ෂණය සහ ASUS ExpertCool Pro තාප පාලන පද්ධතිය එකම heterogeneous AI පරිගණක වේදිකාවක් ලෙස එකිනෙකට සම්බන්ධ කරයි. 0.99kg තරම් අඩු බරකින් සහ 10.9mm අතිශය සිහින් හැඩයකින් යුක්ත වුවද, අධික කාර්යබහුල අවස්ථාවලදී පවා 50W නිරන්තර CPU බලයක් ලබාදීමට මෙය සමත් වේ. next-gen PCIe® Gen 5 දත්ත ගබඩා පහසුකම සහ අධිවේගී LPDDR5X මතකය (RAM) සමඟින් පැමිණෙන මෙම Copilot+ පරිගණකය, අනාගතයට ගැළපෙන වත්කමක් ලෙස නිර්මාණය කර ඇත. තාක්ෂණික බාධාවන්ගෙන් තොරව, ව්‍යාපාරික ප්‍රධානීන්ට තම එදිනෙදා වැඩකටයුතු ඉතා පැහැදිලිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකසා දෙයි.

    එපමණක් නොව, ExpertBook Ultra පරිගණකය විශිෂ්ට ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීමක් ද තිළිණ කරයි. මෙහි ඇති අඟල් 14ක 3K 120Hz anti-glare touchscreen Tandem OLED තිරය nits 1,400ක් දක්වා වූ ඉහළ දීප්තිමත් බවකින් සමන්විත වන අතර, සාම්ප්‍රදායික OLED තිරවලට වඩා සැලකිය යුතු ලෙස අඩු විදුලි බලයක් වැය කරමින් අතිශය තියුණු සහ සජීවී වර්ණ ලබා දෙයි. මීට අමතරව, ස්පීකර් හයකින් සමන්විත Dolby Atmos® ශබ්ද පද්ධතිය මඟින් Online රැස්වීම්, presentation සහ ව්‍යාපාරික කටයුතු සඳහා ඉතා පැහැදිලි සහ උසස් තත්ත්වයේ ශ්‍රවණ පහසුකම් සපයයි.

    ව්‍යාපාරික සාකච්ඡා සහ දෛනික රාජකාරි වඩාත් පහසු කරවීම සඳහා AI තාක්ෂණයෙන් බලගැන්වූ විශේෂාංග රැසක් මෙයට ඇතුළත් කර ඇත. ASUS ExpertMeet, AI noise cancellation, කැමරා තාක්ෂණික වැඩිදියුණු කිරීම් සහ ඉදිරියේදී පැමිණෙන ASUS MyExpert හරහා ලැබෙන නවතම AI අත්දැකීම් ද මීට ඇතුළත් වේ. නිතර ගමන්බිමන්වල යෙදෙන වෘත්තිකයන් සඳහාම නිර්මාණය කර ඇති බැවින්, දවස පුරා පවතින බැටරි බලය, වේගවත් චාර්ජ් කිරීමේ පහසුකම, Wi-Fi 7 සහ අමතර adapters භාවිතයෙන් තොරව කෙළින්ම සම්බන්ධ කළ හැකි business-ready physical ports රැසකින් ද මෙය සමන්විත වේ. තවද, biometric authentication, Microsoft Pluton සහ දෘඩාංග මට්ටමේ BIOS ආරක්ෂාව සපයන ASUS ExpertGuardian පද්ධතිය හරහා ආයතනික දත්තවල ඉහළම ආරක්ෂාව තහවුරු කරයි.

    බිඳිය නොහැකි දත්ත ආරක්ෂාවක් අපේක්ෂා කරන IT විශේෂඥයන්, උපරිම සුමට හා කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයක් අපේක්ෂා කරන ආයතනික ප්‍රධානීන් මෙන්ම Hardware ආශ්‍රිත තාක්ෂණික බාධාවන්වලින් තොරව දෛනික වැඩකටයුතු සිදු කරගැනීමට අපේක්ෂා කරන වෘත්තිකයන් සඳහා වන එකම විශිෂ්ටතම තේරීම ලෙස ExpertBook Ultra අවිවාදයෙන්ම හඳුන්වා දිය හැක. IT විශේෂඥයන්ගේ විශ්වාසය දිනූ, කරදර හිසරද නැති, ව්‍යාපාරික කටයුතු සඳහාම නිපදවූ ASUS Expert මාදිලි පෙළෙහි ප්‍රමුඛතම හඳුන්වා දීමක් ලෙස ExpertBook Ultra සලකුණු කළ හැකිය.

    ප්‍රමුඛතම මාදිලියට අමතරව, ඕනෑම මට්ටමක ආයතනයකට ගැලපෙන පරිදි විශේෂයෙන් සකස් කරන ලද ExpertBook P5, B5, P3 සහ B3 මාදිලිවලින් සමන්විත ExpertBook B සහ P Series මාදිලි පෙළක් ද මෙරට වෙළඳපොළ වෙත දැන් හඳුන්වා දී ඇත. IT ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ට තමන්ට වඩාත්ම ගැළපෙන උපාංගය තෝරාගැනීමේ පූර්ණ නිදහස ලබාදෙමින්, මෙම මාදිලි අඟල් 14 සහ අඟල් 16 තිර ප්‍රමාණවලින් යුත් chassy වලින් ද ලබාගත හැක. ප්‍රබල GPU සහ උසස්ම NPU පහසුකම් (50 TOPS) සහිත Intel® Core™ Ultra Series 3 ප්‍රොසෙසර මඟින් බලගැන්වෙන මෙම ExpertBook AI මාදිලි, 64GB දක්වා වූ DDR5 RAM සහ Dual SSD දත්ත ගබඩා පහසුකම් සඳහා සහය දක්වමින් ඉහළ ප්‍රසාරණ හැකියාවක් (scalability) ලබා දෙයි.

    වේගයෙන් වර්ධනය වන නව ව්‍යාපාරයකට හෝ මහා පරිමාණ ගෝලීය ආයතනයකට වුවද එක සේ ගැලපෙන ExpertBook B සහ P Series පරිගණක, ඇමරිකාවේ මිලිටරි ප්‍රමිතියේ (MIL-STD 810H) ශක්තිමත්භාවය සහිතව නිපදවා ඇත. ASUS ExpertGuardian සමඟ දත්තවලට උපරිම ආරක්ෂාවක් සහ වසරක් පුරා නොමිලේ McAfee™ + Premium ආරක්ෂක මෘදුකාංග සබඳතාවය ද ලැබේ. ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම පාරිභෝගික සහාය ජාලය මඟින් කරදර නැති ව්යාපාරික අත්දැකීමක් තහවුරු කරයි.

    උපාංගවල උසස් තාක්ෂණික ප්‍රමිතියට අමතරව, සමස්ත ASUS ExpertBook මාදිලි පෙළ සඳහාම ශ්‍රී ලංකාව තුළ පුළුල් සහ විශ්වසනීය අලෙවියෙන් පසු සේවා ජාලයක සහාය හිමිවන අතර, එමඟින් සැබෑ ලෙසම කරදර නැති ව්යාපාරික අත්දැකීමක් වෙත මඟ පාදයි. ASUS Business පාරිභෝගිකයන් සඳහා විශේෂිත පාරිභෝගික සේවා දුරකථන අංකයක් (සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 9:00 සිට ප.ව. 6:00 දක්වා), ස්ථානීය සහාය (Onsite support), රටවල් 90ක් පුරා බලපැවැත්වෙන වසර 3ක නොමිලේ ජාත්‍යන්තර වගකීම් කාලයක්,  adapter සඳහාද උපාංගයට හිමි සම්පූර්ණ වගකීම් කාලයම ලබාදීම සහ වසර 5 දක්වා දීර්ඝ කළ හැකි අතිරේක සේවා වගකීම් (Warranty Extension, Next Business Day Support, Local Accidental Damage Protection සහ Battery Warranty Extension) ලබාගත හැකිය.

    මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින්, ASUS ආසියා-ශාන්තිකර කලාපීය වාණිජ පරිගණක අංශයේ ප්‍රධානී, රෙක්ස් ලී (Mr. Rex Lee) මහතා මෙසේ පැවසීය: "ASUS අපගේ තාක්ෂණික නිමැවුම් සැමවිටම පදනම් වන්නේ 'Design Thinking' හෙවත් නූතන වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන්ට සැබෑ ලෙසම ගැළපෙන අයුරින්. බොහෝ ව්‍යාපාරික ප්‍රධානීන්ට සැහැල්ලු බව, ඉහළ ක්‍රියාකාරීත්වය සහ දිගු බැටරි ධාරිතාව යන විශේෂාංග අතරින් එකක් පමණක් තෝරා ගැනීමට සිදුවී තිබූ බව අප හඳුනා ගත්තා. ExpertBook Ultra නිර්මාණය කළේ එම බාධාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ අරමුණ ඇතිවයි. ආයතනික ප්‍රධානීන්ගේ භාවිතය සඳහා සුදුසු නවතම තාක්ෂණික මිනුම්දණ්ඩක් පිහිටුවීමටත් මේ සමඟ අපට හැකි වුණා. එසේම, ශ්‍රී ලංකාව AI-තාක්ෂණය මූලික කරගත් නව යුගයකට වේගයෙන් පා තබන මෙම මොහොතේ, Intel® Core™ Ultra Series 3 ප්‍රොසෙසර මඟින් බලගැන්වූ අපගේ නවතම පරිගණක මාදිලි පෙළ හරහා තෝරාගැනීමේ පූර්ණ නිදහස පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමට ලැබීම පිළිබඳව අප ආඩම්බර වෙනවා. අපගේ ප්‍රමුඛතම Ultra මාදිලියේ සිට බහුකාර්ය ExpertBook B සහ P Series දක්වා, 50 TOPS දක්වා වූ උසස් NPU තාක්ෂණය හරහා සුරක්ෂිත මෙන්ම වේගවත් AI අත්දැකීමක් ශ්‍රී ලාංකේය ව්‍යාපාර වෙත ලබා දීම අපගේ අරමුණයි. විශේෂයෙන්ම, ඇමෙරිකානු මිලිටරි ප්‍රමිතිය සහිත ශක්තිමත්භාවය, ඉහළම ආරක්ෂාව සහ ශ්‍රී ලංකාව තුළ සපයන පුළුල්ම පාරිභෝගික සහාය ජාලය මඟින් තහවුරු කරනු ලබන 'කරදර නැති ව්‍යාපාරික අත්දැකීමක’ පොරොන්දුව මත මෙම සමස්ත උපාංග පෙළම හඳුන්වා දී තිබෙනවා."