BCI Campus, අති නවීන මට්ටමේ උසස් අධ්‍යාපන විශිෂ්ටතාවයන් සමගින් සුවිශේෂී සන්ධිස්ථානයක් කරා ළඟා වෙයි

    September, 5, 2023

    'අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් තුළින් සාර්ථක අනාගතයක්' උදාකරදීමේ අරමුණ ඇතිව, උසස් අධ්‍යාපනය සඳහා නව අරුතක් එක් කරමින් BCI Campus විසින් නවීන පහසුකම් සහිතව ඉදිකරනු ලැබූ සිය 'Christ the King (CRK)' සත්මහල් ගොඩනැගිල්ල මීගමුවේදී පසුගියදා විවෘත කළේය. එම අවස්ථාව BCI Campus පැමිණි අභිමානවත් ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ද විය.

    මෙරටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ Benedict XVI ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනය ලෙසින්ද පිළිගැනීමට පාත්‍ර වී ඇති BCI Campus හි, මෙම නවීන පහසුකම් සහිත ගොඩනැගිල්ල ආසිරි ගැන්වීමේ මෙහෙය සිදු කරනු ලැබුවේ, කොළඹ අගරදගුරු හා BCI හි නිර්මාතෘවරයා වන අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කරමින් පැමිණි කොළඹ සහායක රදගුරු අති උතුම් ආචාර්ය ජේ. ඩී ඇන්තනී හිමිපාණන් විසිනි.

    මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉතාලියෙහි Calzedonia Group හි සභාපති ආචාර්ය සැන්ඩ්‍රෝ වෙරෝනෙසි, සහ ඔහුගේ නියෝජිත පිරිස, ඉතාලියේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ ජාතික සම්බන්ධීකාරක ගරු නෙවිල්ජෝ පෙරේරා පියතුමන්, කොළඹ අගරදගුරු පදවි හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක, ගරු අයිවන් පෙරේරා පියතුමා සහ වත්මන් අධ්‍යක්ෂ, ගරු ගැමුණු ඩයස් පියතුමා, පූජකවරුන්, පැවිද්දන්, BCI හි පාලක සභාවේ සහ අධ්‍යයන සෙනෙට් සභා සාමාජිකයින්, බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය, ශ්‍රී ලංකා ආයෝජක මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මුදලිගේ, එම ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, BCI හි අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ BCI හි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

    නව CRK ගොඩනැගිල්ල නවීනතම ඩිජිටල් තාක්ෂණයෙන් සැදුම්ලත් පරිසර හිතකාමී වටපිටාවක් සහිත සංකීර්ණයකි. මහල් හතකින් යුත් නවීන අධ්‍යයන පහසුකම් වලින් සමන්විත මෙම නව ගොඩනැගිල්ල තුළ දේශන ශාලා 16කින් සහ සිසුන් 940 දෙනෙකු සඳහා වෙන් වූ ඉඩ පහසුකම්, ආසන 316කින් සමන්විත සාකච්ඡා කාමර 08ක්, ආසන 250කින් යුත් කුඩා ශ්‍රවණාගාරයක් සහ ආසන 45කින් සමන්විත සම්මන්ත්‍රණ ශාලා ඇතුළත් වේ. තවද එහි අධ්‍යයන පරිපාලන කටයුතු සඳහා වෙන් වූ වර්ග අඩි 8592 ක ප්‍රමාණයේ කාර්යාල පරිශ්‍රයකින් ද සමන්විත වේ.

    මෙම නවීන අධ්‍යයන පහසුකම, සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ඉහළ මට්ටමේ අධ්‍යාපන පහසුකම් සලසා දීම වෙනුවෙන්  BCI විසින් කරනු ලබන කැපවීම පිළිබඳව පිළිබිඹු කෙරෙන කදිම සාක්ෂියකි. මෙම ගොඩනැගිලි සංකීර්ණය තුළ ඉගෙනීමේ කටයුතු සඳහා වන නව අත්දැකීම වර්ධනය කෙරෙන තවත් නවීන පහසුකම් රැසකින් සමන්විතය. ප්‍රාදේශීය වශයෙන් ගත් කළ, විශාලතම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය ලෙස 2500 කට වැඩි පිරිසකට නවාතැන් ගැනීමට හැකි වන පරිදි එහි සම්පූර්ණ ධාරිතාව පුළුල් කිරීමට BCI විසින් පියවර ගෙන ඇත.

    නවීන පහසුකම් සහිතව ඉදිකෙරුණු මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම හරහා ශ්‍රී ලාංකීය සිසුන්ට, ඔවුන්ගේ නිවෙස්වලට ඉතා ආසන්නව පහසුවෙන් අධ්‍යයන කටයුතු සඳහා ප්‍රවේශවීමට හැකි, හිතකර පරිසරයක් තුළ, සුවිශේෂී වූ ජාත්‍යන්තර අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවී තිබේ. CRK ගොඩනැගිල්ල සිසුන් වෙනුවෙන් තිරසර සහ නවීන අධ්‍යාපනික පසුබිමක් නිර්මාණය කර දීම සඳහා BCI හි කැපවීම සංකේතවත් කරනු ලබයි.

    BCI Campus හි ප්‍රධාන ආචාර්ය, උපකුලපති ගරු ක්වින්ටස් ප්‍රනාන්දු පියතුමා විසින් මෙම අවස්ථාව සඳහා පැමිණ සිටි ආරාධිතයින් පිරිස පිළිගනිමින් මෙසේ අදහස් පැවසූහ. ''ලෝකයේ ඇති උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් අතරින් ආඩම්බරයට පත්විය හැකි සුවිශේෂී වරප්‍රසාදයක් BCI සතුය. එය තමයි සමාරම්භක අවස්ථාවේදීම පාප් වහන්සේගේ ආශිර්වාදය හිමිවීම. BCI Campus කියන්නේ ලෝකයේ ඇති එවැනි ආශීර්වාදයක් හිමි වූ ආයතන කිහිපයෙන් එකක්. සමහර විට, ආසියාවේ ඇති එවැනි ආශිර්වාදයක් ලද එකම ආයතනය BCI වෙන්නත් පුළුවන්. ඒ වගේම අපගේ කාලයේ සිටි ශ්‍රේෂ්ඨතම බුද්ධිමතුන්ගෙන් කෙනෙකු වූ දිවංගත 16 වන බෙනඩික්ට් පාප්තුමාගේ නමින් නම් කළ මෙම ආයතනය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට උන්වහන්සේගෙන් විශිෂ්ට වූ දායකත්වයක් ලැබුණා''

    උන්වහන්සේ වැඩි දුරටත් මෙසේද කීහ. ''මේ රටේ කලින් නොදැකපු මට්ටමේ අධ්‍යයන ගොඩනැගිල්ලක් ලෙස මෙම නවීන ගොඩනැගිල්ල සාර්ථකව ඉදිකර අවසන් කිරීමට හැකිවීම ආශ්චර්යයක්. ශුද්ධ වූ බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. "සමිදාණෝ ගෘහය නොහදත් නම්, මෙහෙකරුවෝ නිකරුනේ වෙහෙසෙති" (Psalm 127:1). සමිඳාණන් වහන්සේහට තම දරුවන් වෙනුවෙන් මෙම අධ්‍යාපනික පහසුකම ඉදිකර ගැනීමට අවශ්‍ය වූ අතර, එම කාර්යය ඉටුකර ගැනීම සඳහා ඔහු තම මිනිසුන් එවූ සේක.''

    BCI Campus මෙරට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) යන දෙඅංශයේම  පිළිගැනීමට ලක්ව ඇති උපාධි ප්‍රදානය කරනු ලබන කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයකි. BCI Campus විසින් ව්‍යාපාර,පරිගණකකරණය සහ අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා රැසක් පිරිනමනු ලබයි. ඊට අනුබද්ධිතව සංගීත සහ කලා පිළිබඳව අධ්‍යාපන කේන්ද්‍රයක් නොබෝ දිනකින් විවෘත්ත කිරීම සඳහා කටයුතු සූදානම්ව ඇත. BCI හි සිසුන් උසස් මට්ටමේ පහසුකම් සහිත නවීන අත්දැකීම් සමගින් එහි ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහාය ඇතිව සිය අධ්‍යයන කටයුතු සාර්ථකව සම්පූර්ණ කරමින් විශිෂ්ට වූ ගමනක නිරත වේ.

    මෙහිදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් එවන ලද පණිවුඩයේ මෙසේ සදහන් විය. ''කතෝලික සභාව, සෑම මනුෂ්‍යයෙකුටම අධ්‍යාපනය සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය තහවුරු කරනවා. ඒ වගේම අධ්‍යාපනයේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා භූමිකාවක් ඇති බවට’ (Gravissimum Educationis) පිළිගන්නවා. 16 වන බෙනඩික්ට් කතෝලික ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනය ආරම්භ කරන ලද්දේ තාරුණ්‍යයේ උසස් අධ්‍යාපන අවශ්‍යතාවයන් සඳහා සේවය ලබා දීමේ  උදාර අරමුණ ඇතිවයි. BCI Campus ආරම්භ කළේ 2015 වසරේදී. මේ වන විට විශාලතම හා නවීනතම උසස් අධ්‍යාපන පහසුකම් වැඩි දියුණු කරමින් වේගවත් වර්ධනයක් කරා එය ලඟා වී තිබෙනවා. BCI හි කෙටි ඉතිහාසය තුළ මෙවැනි තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2020 වසරේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපාධි ප්‍රදානය සඳහා සුදුසු උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පිළිගැනීමේ තත්ත්ව ප්‍රදානය කරනු ලැබුවා. මෙම ගොඩනැගිල්ල සැලසුම් කළේ 21 වන සියවසේ ඉගෙනුම් පරිසරයන්ට ගැලපෙන පරිදි අධ්‍යාපනික තාක්ෂණයන් ඒකාබද්ධ කිරීමටයි. අපගේ අරමුණ අපගේ සිසුන්ට ලෝක මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලබා දීමයි. මෙම නවීන පහසුකම් භාවිතා කරන සිසුන් දැනුමෙන් හා කුසලතාවයන්ගෙන් බලගැන්වී සිටිය යුතුයි. ඒ වගේම සියල්ලටම වඩා ගුණධර්ම සහ සාරධර්ම ඇතිව අපගේ සමාජයට අත්‍යවශ්‍ය අවංක සහ වගකීම් සහිත පුරවැසියන් ලෙස කටයුතු කරන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.''

    BCI Campus හොඳින් සංවර්ධනය වූ දක්ෂ ගෝලීය පුරවැසියන් බලගැන්වීම සඳහා කරනු ලබන කැපවීම පිළිබඳව සතුටු වනවා. අධ්‍යයන විශිෂ්ටතාවයන් සමගින්, විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වල එකතුවක් තුළින් BCI Campus, සමාජයට අර්ථවත් වූ දායකත්වයක් ලබා දීම සඳහා සිසුන් සූදානම් කරනු ලබයි.

    මෙම ගොඩනැගිල්ල තුළ සිසුන්ට නවීන පරිගණක මධ්‍යස්ථානයක්, සිසුන්ගේ සහභාගීත්වය වැඩි දියුණු කිරීම සඳහා සම්මන්ත්‍රණ, වැඩමුළු සහ සංස්කෘතික උත්සව සංවිධානය කිරීම සහ සත්කාරක කටයුතු වෙනුවෙන් වූ ආපනශාලාවකින් ද සැඳුම් ලත් ය.

    BCI Campus හි නවීනතම CRK ගොඩනැගිල්ල විවෘත්ත කිරීමේ අවස්ථාව හරහා සිසුන්ට ඔවුන්ගේ සැබෑ හැකියාවන් අවබෝධ කර ගැනීමටත්, මනා ලෙස සංවර්ධනය වෙමින් සහ සාර්ථක වූ ගෝලීය පුරවැසියන් බවට පත්කිරීම සඳහා අවශ්‍ය අත්දැකීම් ලබා දෙමින් ඔවුන් සවිබල ගැන්වීම සඳහා ආයතනය විසින් කරනු ලබන කැපවීම BCI පැමිණි ගමන් මග තුළින් පිළිබිඹු කරයි.