BCI Campus, උපාධි සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පොලී රහිත ණය පහසුකම් සලසා දෙමින් ඔවුන්ට සවියක් වේ

    July, 17, 2023

    Benedict XVI ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනය, මෙරටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වඩාත් පිළිගැනීමට ලක්ව ඇත්තේ BCI Campus යන නාමයෙනි. එය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව (UGC) විසින් අනුමත කරනු ලැබූ උපාධි පිරිනමන, මිගමුව ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනයකි. උපාධි අපේක්ෂකයන්ගේ ඉල්ලුම අනුව නව උපාධි අධ්‍යයන වැඩසටහන් කිහිපයක් සහ එම අධ්‍යයන කටයුතු පහසුවෙන් ඉටු කර ගැනීමට හැකි පැහැදිලි ගමන් මගක් එම ආයතනය විසින් ඉදිරපත් කර ඇත.

    මෙම උපාධි BCI Campus හි ව්‍යාපාරික පීඨය, පරිගණක පීඨය, ශාස්ත්‍ර පීඨය යන පීඨ මගින් පිරිනමනු ලබන අතර මේ හරහා ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණය, ප්‍රාථමික සහ මුල් ළමාවිය අධ්‍යාපනය සහ ලිබරල් කලා පිළිබඳව විෂය ධාරාවන් ඇතුළු ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක අධ්‍යයන ක්‍රමවේදයන් ඔස්සේ උපාධි අපේක්ෂකයන් වෙත විවිධ උපාධි රැසක් පිරිනමනු ලබයි. ඉන් කිහිපයක් මෙසේය.

    • ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධිය
    • තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය
    • මෘදුකාංග ඉංජිනේරු විද්‍යාවේදී (ගෞරව) උපාධිය
    • ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපන (ගෞරව) උපාධිය
    • මුල් ළමාවිය අධ්‍යාපන (ගෞරව) උපාධිය
    • ලිබරල් කලා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (Campion College - ඕස්ට්‍රේලියාව)
    • ජාත්‍යන්තර පදනම් පාඨමාලාව (NCC UK Foundation Programme)

    BCI Campus විසින් මේ සඳහා ප්‍රවේශවීමට හැකි සහ දැරීමට හැකි උසස් අධ්‍යාපන සේවාවක් අපේක්ෂා කරනු ලබන සිසුන්ගේ සහ එම දෙමව්පියන්ගේ අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය සතියේ ප්‍රකාශ කරන ලද පොලී රහිත ණය ආධාර යෝජනා ක්‍රමය සඳහා අයඳුම් කිරීමට සිසුන්ට සහයක් වෙමින් ඊට කඩිනම්ව මැදිහත්වීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ආයතනය ශිෂ්‍ය උපදේශන සේවා කටයුතු සඳහා උපදේශකයන් සහිත කාර්යාලයක් ස්ථාපිත කරමින් ඔවුන්ට අගෝස්තු මස 07වන දිනට ප්‍රථමව මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ පාඨමාලා සඳහා අයඳුම් කරන ලෙසට දැනුම් දීමට පියවර ගෙන ඇත.

    2019, 2020 සහ 2021 වසරවලදී අ.පො.ස උසස් පෙළ විභාගය සමත් වූ සිසුන් ඉංග්‍රීසි භාෂා හැකියාව ඇතුළුව දක්වා ඇති අවම සුදුසුකම් සපුරා ඇත්නම්, ඔවුන්ගේ වාර්ෂික පාඨමාලා ගාස්තු ආවරණය කෙරෙන ණය මුදලක් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ඇත.

    මේ අනුව වසර 4ක් වූ උපාධි පාඨමාලාවේ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ණය මුදල් යටතේ ආවරණය කරයි. එය 0% ක පොලී අනුපාතයක් යටතේ රුපියල් 800,000 ණය මුදලක් ලබා දෙන අනගි අවස්ථාවකි. එපමණක් නොව, අධ්‍යයන කාලය තුළදී පාඨමාලා ගාස්තු එකවර ගෙවීමකින් තොරව ඒ සඳහා වසර 5ක සහන කාලයක් මෙන්ම තවත් වසර 7ක ආපසු ගෙවීමේ කාලසීමාවක් ලබා දී ඇත. (0% පොලියට ණය පියවීම සඳහා සම්පුර්ණයෙන් වසර12ක කාලයක්)

    අධ්‍යයන කාලසීමාව තුළදී සිසුන්ට ඔවුන්ගේ ජීවන වියදම් සඳහා අමතරව රුපියල් 300,000 ක් ද ලබා ගත හැකිය. දෙමව්පියන්ට සහ සමීප ඥාතියෙකුට ණය මුදල් ලබා ගැනීම සඳහා ඇපකරුවන් ලෙස ඉදිරිපත් විය හැකි අතර ඒ සඳහා ඔවුන්ගේ ආර්ථික පසුබිම අදාළ නොවනු ඇත. සුදුසුකම් සපුරාලන බොහොමයක් සිසුන්හට මේ සඳහා අයදුම් කිරීමට ඉඩ සැලසේ.

    මීගමුව, ගම්පහ හෝ මිනුවන්ගොඩ වැනි විශ්වවිද්‍යාලයට ආසන්න ප්‍රදේශවල ජීවත් වන සිසුන්ට ඒ වෙත පහසුවෙන් පැමිණීමට හැකි වන අතර දුර බැහැර ප්‍රදේශවලින් හෝ විදේශ රටවල සිට පැමිණෙන සිසුන් සඳහා විශ්වවිද්‍යාලය තුළ හෝ ඒ ආසන්නයේ නේවාසික ස්ථාන සලසා දෙනු ලබයි.

    බහුවිධ දේශන කාමර, විවේකී අවකාශයන් සහ සම්මන්ත්‍රණ ශාලා, ස්වයං අධ්‍යයන හා කණ්ඩායම් ගත අධ්‍යයන කටයුතු සඳහා අවකාශයන් සහිත පුස්තකාලයක්, අති නවීන තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයන්, ශ්‍රවණාගාරක්, ගෘහස්ථ සහ එළිමහන් පරිසර හිතකාමී භෝජනාගාර, විනෝදාස්වාදය සඳහා නිර්මාණය කරන ලද පුළුල් වූ ගෘහස්ථ හා එළිමහන් පරිශ්‍රයන් ඇතුළු නවීන සම්පත් විශ්වවිද්‍යාලය සතුව පවතී.

    BCI Campus හි https://www.bci.lk/ වෙබ් අඩවිය හරහා සිසුන්ට උපාධි වැඩසටහනක් සහ ඒ සඳහා වන ණය යෝජනා ක්‍රමය වෙත අයදුම් කිරීමට ආයතනය සමගින් සම්බන්ධ විය හැකිය. එසේ නැතිනම් 031 20 35 100, 0 31 222 44 22 දුරකථන අංක ඔස්සේ කාර්යාලයට හෝ 070 6035 100, 076 6989 797 යන හෝ ක්ෂණික දුරකථන අංක ඔස්සේ ඒ සඳහා ප්‍රවේශ වීමට අවස්ථාව ඇත.

     

    [caption id="attachment_84320" align="alignnone" width="750"] DCIM100MEDIADJI_0031.JPG[/caption]