BMICH වෛද්‍ය සමිතාට වන්දි මුදල් ප‍්‍රදානය කරයි

    February, 24, 2016

    බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ සභාපතිනී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෛද්‍ය සමිතා සමන්මලී වෙත වන්දි මුදල් ප‍්‍රදානය කිරීමට පසුගියදා කටයුතු කළාය.

    BMICH පරිශ‍්‍රයේ පිහිටි වෙළඳ ප‍්‍රදර්ශන කුටියක් කඩා වැටීමෙන් ආබාධයට ලක්වූ වෛද්‍ය සමිතා සමන්මලී විසින්, BMICH පාලනාධිකාරියෙන් වන්දි මුදලක් ඉල්ලා දිස්ත‍්‍රික් උසාවියේ නඩුවක් ගොනුකරනු ලැබූ අතර, ඇගේ ඉල්ලීම සලකා බැලූ දිස්ත‍්‍රික් උසාවිය ඇයට වන්දි මුදල ලබාදෙන ලෙස BMICH පාලනාධිකාරියට නියම කළේය.

    මෙම තීන්දුව පිළිබඳ නැවත සලකා බලන ලෙස අභියාචනයක් ඉදිරිපත් කෙරුණු අතර, එම අභියාචනය විභාගවන අතරතුර BMICH පාලනාධිකාරියේ සහ වෛද්‍ය සමිතා සමන්මලීගේ පාර්ශ්වයේ නීතිඥ ජී. ජී. අරුල්පරගාසම්ගේ මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණීමට හැකි විය.

    මෙම ඡායාරූපයන්ගෙන් දැක්වෙන්නේ විසින් වෛද්‍ය සමිතා සමන්මලී වෙත වන්දි මුදල් ප‍්‍රදානය කරනු ලබන අවස්ථාවය. BMICH අධ්‍යක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරී සුනිල් දිසානායක මහතා ද පසෙකින් සිටියි.