December, 22, 2022
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් දිනේෂ් වීරක්කොඩි මහතා පත් කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටී.
දිනේෂ් වීරක්කොඩි මහතා හැටන් නැෂනල් බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපතිවරයා ද වේ.
මේ අතර ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ ඒරාජ් ද සිල්වා යන මහත්ම මහත්මීන් ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story