January, 18, 2023
අපනයන හා ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජිත නියෝජිතායතනය පිහිටුවීම
එකිනෙකට අනුගත වූ හා ඒකාබද්ධ ප්‍රවේශයකින් ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා තනි ආයතනයක් ස්ථාපිත කිරීමේ යෝජනාව 2023 අයවැය යෝජනා මඟින් ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව, ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට නව නියෝජිතායතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇත.
එකී නියෝජිතායතන ස්ථාපිත කිරීම සඳහා වන කාර්යභාරය කළමනාකරණ කිරීමට සහ මඟ පෙන්වීම සඳහා අධීක්ෂණ කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story