July, 24, 2023
British Council IELTS පිරිනමන නවතම සේවාව වන IELTS Ready: Premium හඳුන්වා දීම පසුගියදා සිදුවිය. මෙය IELTS විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට අත්වැලක් වීම සඳහා British Council විසින් හඳුන්වා දෙන ලද නවතම සේවාවයි.
IELTS Ready: Premium සේවාවට IELTS ආදර්ශ පරීක්ෂණ 40 ක් සහ පටිගත කරන ලද පාඩම් මාලාවක් ඇතුළත් වන අතර, ඉංග්‍රීසි ස්වභාෂකයන් (Native English speakers) වන IELTS විශේෂඥයන් විසින් උපදෙස් හා මගපෙන්වීම් ලබාදීම සිදුකෙරේ. කාලය සීමිත සහ කාලය සීමිත නොවන ක්‍රමවලට ආදර්ශ පරීක්ෂණවලට පිළිතුරු ලබාදිය හැකි අතර, පරීක්ෂණයට පෙනී සිටිනන්නට වඩාත්ම ප්‍රයෝජනවත් වන ආකාරයට පිළිතුරු විශ්ලේෂණය කිරීම සිදුකරනු ලබයි.
IELTS Ready: Premium පදනම බලගන්වනු ලබන්නේ, ලන්ඩන් නගරය පදනම් කරගත් ඩිජිටල් ඉංග්‍රීසි ඉගෙනුම් සේවා සම්පාදක සමාගමක් වන GEL මගිනි.
පරිශීලකයන්ට IELTS Ready: Premium වෙතින් පහත සඳහන් සහයන් ලබාගත හැකි වේ.
ILETS පරීක්ෂණයට පෙනී සිටීම සඳහා British Council හි ලියාපදිංචි වන අයදුම්කරුවන්ට, ලියාපදිංචියේ සිට පරීක්ෂණය පැවැත්වෙන තුරුම IELTS Ready: Premium සේවාව සීමාවකින් තොරව නොමිලේ භාවිතා කළ හැකි වේ.
නියමු ව්‍යාපෘතියක් වශයෙන් IELTS Ready: Premium සේවාව අත්හදා බලන ලද කාලසීමාව තුළ, IELTS විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන්නන් වෙතින් එයට ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබිණි. තමන්ට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගැනීමට එම සේවාව උපකාරී වූ බව අයදුම්කරුවන් අතරින් 97% ක් පැවසූ අතර, එය වෙනත් අයටද නිර්දේශ කරන බව 98% ක් පැවසූහ.
“අපට අවශ්‍ය වන්නේ විදේශ රටවල ජීවත් වීමට, රැකියාවල නිරත වීමට සහ අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට තම සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදීමටයි. එම අරමුණ වෙනුවෙන් IELTS Ready: Premium සේවාව දියත් කිරීමට ලැබීම අපට මහත් සතුටක්.” British Council හි IELTS අධ්‍යක්ෂ ඇන්ඩෘ මැකෙන්සී මහතා පැවසී ය.
“IELTS පරීක්ෂණය තුළින් අපේක්ෂිත ලකුණු ලබාගනිමින්, ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවල යහපත් ජීවිත ගතකිරීම සඳහා අවස්ථාව උදාකරගැනීමට මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබෙන හොඳම මෙවලම IELTS Ready: Premium සේවාවයි.” ශ්‍රී ලංකාවේ British Council අධ්‍යක්ෂ ඕලන්ඩෝ එඩ්වඩ්ස් මහතා පැවසී ය.
Video Story