March, 20, 2023
ඇමරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ Business World International සම්මාන උළෙල පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදි උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. සම්මාන උළෙලේ මෙම වසරේ තේමාව වූයේ 2030 වසර සඳහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා ඇති කැපවීම යන්නයි. Business World International Organization (BWIO) යනු ගෝලීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ජයග්‍රහණ සහ හැකියාවන් හඳුනා ගැනීමේ අරමුණින් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටුවා ඇති සංවිධානයකි. මෙම සම්මාන මගින් ව්‍යාපාර ආයතනවල විශිෂ්ටත්වය හඳුනා ගෙන ඒවා අගය කරන අතර ක්ෂේත්‍රයේ ඇති අභියෝග ජය ගැනීමට සහ ඔවුන්ගේ කුසලතා ලොවට පෙන්වීමට ව්‍යවසායකයන් දිරිමත් කරයි. කාණ්ඩ 30ක් යටතේ පවත්වන මෙම උත්සවයේදී නව ව්‍යාපාර, ව්‍යාපාර ලෝකයේ දැවැන්තයන්, සමාජය වෙනස් කිරීමට දායකවන්නන්, තිරසාර සංවර්ධන උපදේශකයන් සහ විවිධ ක්ෂේත්‍රවල සුවිශේෂ දස්කම් දක්වන වෘත්තිකයන් ආදී විවිධ කණ්ඩායම්වලට අයත් පිරිස් වෙත සම්මාන පිරිනමයි.
සම්මාන උළෙලේ සම ප්‍රධාන ආරාධිත අමුත්තන් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ AGSEP Research & Advisory සමාගමේ නිර්මාතෘ හා BWIO - USAහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය Dietmar Doering යන මහත්වරුන්ය. ගෞරවනීය ආරාධිත අමුත්තන් වූයේ ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සංගමයේ සභාපති මහාචාර්ය ආචාර්ය රොහාන් ද සිල්වා, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන්ය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආඥාපති (විශ්‍රාමික) ආචාර්ය දොන් බන්දුල විජේමාන්න, Taian Lanka Steel Company සභාපති හා උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහක ආචාර්ය කේසවන් පද්මනාදන්, BWIO ජාත්‍යන්තර අංශයේ සභාපති ආචාර්ය ඩෙක්ස්ටර් ප්‍රනාන්දු, ඇමරිකා එක්සත් ජනපදයේ BWIO සංවිධානයේ ජාත්‍යන්තර අංශයේ උප සභාපති ආචාර්ය තරිඳු විජේනායක සහ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති ආචාර්ය එම්. ඒ. ඒ. ජබ්බාර් යන මහත්වරුද උත්සවයට සහභාගී වූහ. මහාචාර්ය Dietmar Doering මහතා, IMF BAILOUT FOR SRI LANKA - A Coin with Two Sides යන මාතෘකාව ඔස්සේ ප්‍රධාන දේශනය සිදු කළේය.
Video Story