‘Caltex Havoline තෑගි එන්ජිම Season 2’, වෙතින් පාරිභෝගිකයින් 35,000කට අධික සංඛ්‍යාවකට වටිනා තෑගි

    July, 4, 2021

    ශ්‍රී ලාංකීය ලිහිසි තෙල් වෙළෙඳපොල ප්‍රමුඛයා වන Chevron Lubricants Lanka සමාගම සිය පාරිභෝගිකයින් Caltex නිෂ්පාදන කෙරෙහි තබා තිබෙන විශ්වාසය අගයමින් ‘Caltex Havoline තෑගි එන්ජිම’ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැනි අදියර පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්කරන ලදී. මෙම දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන 2021 පෙබරවාරි 01 වැනි දින සිට අප්‍රේල් 09 වැනි දින දක්වා මාස දෙකක කාලයක් ක්‍රියාත්මක කරන ලද අතර, Caltex ලිහිසි තෙල් සන්නාමයන් සමග විශ්වාසයෙන් බැඳී සිටින සුවිශාල පාරිභෝගික පිරිසක් වෙත වටිනා තෑගි පිරිනමමින් ඔවුන්ව ඇගයීමට ලක්කරන ලදී.

    ‘Caltex Havoline තෑගි එන්ජිම Season 2’ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන පැවැති කාලසීමාව තුල Havoline යතුරු පැදි ලිහිසි තෙල් නිෂ්පාදන මිලදී ගත් පාරිභෝගිකයින් මෙහිදී ඇගයීමට ලක්කරන ලද අතර, Havoline Super 4T SAE 20W40, Havoline Super 4T SAE 20W50, Havoline Super 4T  SAE 10W30 හෝ Havoline *Supermatic SAE 10W30 (ස්කූටර් යතුරු පැදි සඳහා විශේෂයෙන් නිපදවන ලද) යන ලිහිසි තෙල් ලීටර් 01 කෑන් මිලදී ගත් පාරිභෝගිකයින් මෙම වැඩසටහනට සහභාගීවීමේ සුදුසුකම් සපුරන ලදී. තම වාහනයේ වටිනාම අංගය වන එන්ජිමට මනා රැකවරණයක් ලබා දීම සඳහා හොඳම ලිහිසි තෙල් පමණක් යොදන වාහන හිමියන්ගේ කැපවීම අගයකරමින් පැවැති මෙම ප්‍රවර්ධන වැඩසටහන ඔවුන්ට විශාල අනුබලයක් ලබාදීමකි.

    ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳව මනා අවබෝධයකින් යුක්තව Caltex විසින් මෙම වැඩසටහන මෙහෙයවූ අතර, තම නිෂ්පාදන කෙරෙහි උපරිම විශ්වාසයෙන් කටයුතු කරන පාරිභෝගිකයින් වෙත සෑම විටම උපරිම ප්‍රතිලාභ හා ඇගයීම් පිරිනමමින් සහයෝගය දැක්වීම සිය යුතුකමක් ඉටුකිරීමක් වශයෙන් සලකයි.

    ‘Caltex Havoline තෑගි එන්ජිම Season 2’ මුළු රටම ආවරණය කරමින් සති 9 කාලයක් ක්‍රියාත්මක කළ අතර, රුපියල් මිලියන 6.5කට වැඩි වටිනාකමකින් යුතු තෑගි පිරිනමන ලදී. ක්ෂණික රීලෝඩ්, දිනපතා ජංගම දුරකථන හා සතිපතා රන් තෑගි පිරිනැමීම් ඊට අයත් විය. සෑම පාරිභෝගිකයෙකුටම ජයග්‍රහණයක් හිමිවන ආකාරයට මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර, 4T ඔයිල් ප්‍රවර්ධන ඇසුරුම් මිලදී ගත් පාරිභෝගිකයින්ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් වෙනුවෙන් ක්ෂණික මොබයිල් රීලෝඩ් තෑගි වශයෙන් ලබා දෙන ලදී.

    ‘Caltex Havoline තෑගි එන්ජිම Season 2’ සඳහා පාරි‍භෝගික ජනතාවගෙන් ලැබුනු ප්‍රතිචාර ඉතා ඉහළ මට්ටමක පැවැති අතර, ප්‍රවර්ධන කාලසීමාවේදී 35,000කට අධික පාරිභෝගික පිරිසක් වෙත වටිනා තෑගි පිරිනැමීමට Chevron සමාගමට හැකියාව ලැබිණි.

    මෙම ප්‍රවර්ධන වැඩසටහනට සහභාගීවීම සඳහා පාරිභෝගිකයින් සිදු කළ යුතු වූයේ විශේෂ දුරකථන අංකයක් වෙත කෑන් එකෙහි තිබූ රහසිගත කේත අංකයක් SMS කිරීමයි. Caltex Sri Lanka නිල Facebook පිටුව ඔස්සේ සතිපතා ජයග්‍රාහකයින් නිවේදනය කරන ලදී. ඊට අමතරව Chevron සමාගමේ පාරිභෝගික සේවා දුරකථන අංකය මගින් සෘජු දුරකථන ඇමතුම් ලබා දෙමින් විධිමත් ආකාරයට පාරිභෝගිකයින් දැනුවත් කිරීමට ද කටයුතු කරන ලදී.

    “කර්මාන්තය හා ගෝලීය වෙළෙඳපොල තුල පවතින තත්ත්වයන් හේතුවෙන් මේ කාලයේදී අපගේ පාරිභෝගිකයින් දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිටින බව අපි දන්නවා. පසුගිය මාස කිහිපයක කාලයේදී ඔවුන් සියල්ලන්ම වරින් වර දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. ඒ නිසා වගකීම්සහගත සන්නාමයක් වශයෙන් ඔවුන් අත්විඳින තත්ත්වයන් අපි හොඳින්ම අවබෝධ කරගෙන සිටිනවා. එම දුෂ්කරතා මධ්‍යයයේ වුවත් තම වාහනවල හා ඔවුන්ගේ මෙන්ම ඔවුන්ගේ ආදරණීයයන්ගේ රැකවරණය පිළිබඳ සැලකිලිමත් වන අපගේ පාරිභෝගිකයින්ගේ උනන්දුව අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය ධෛර්යය හා අනුබලය නොඅඩුව ලබාදෙන මෙම ප්‍රවර්ධන වැඩසටහන අපි ක්‍රියාත්මක කරා. ‘Caltex Havoline තෑගි එන්ජිම Season 2’ පාරිභෝගික ප්‍රවර්ධන ව්‍යාපෘතිය ඔවුන්ගේ කැපවීම ඇගයීමට හොඳම පිළිතුරක් ලෙස අපි දකිනවා. අප සතු නව්‍යකරණ තාක්ෂණ හැකියාවන්, අති නවීන නිෂ්පාදන ක්‍රියාවලීන් හා ලිහිසි තෙල් කර්මාන්තය තුල අප සතු ඉහළ පළපුරුද්ද සමග ඔවුන්ගේ ගැටළුවලට නිවැරදි පිළිතුරු ලබාදීමට වගේම ඔවුන්ගේ රථ වාහනවල විශිෂ්ට ක්‍රියාකාරීත්වය තහවුරු කිරීමටත් අපි කැපවීමෙන් වැඩකරනවා.” යනුවෙන් අදහස් දක්වා සිටියේ Chevron Lubricants Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී, මුහම්මද් නජාම් ශම්සුදීන් මහතාය.

    Chevron Lubricants Lanka සමාගම ශ්‍රී ලාංකීය ලිහිසි තෙල් ව්‍යාපාර ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛතම සමාගමක් වන අතර, Chevron Global සමූහයේ සාමාජිකයෙකි. ඉදිරිපෙළ ලිහිසි තෙල් අලෙවි සමාගමක් ලෙස Caltex, Havoline, Delo (කැල්ටෙක්ස්, හැවොලින්, ඩෙලෝ) වැනි කීර්තිමත් ජාත්‍යන්තර ලිහිසි තෙල් සන්නාමයන් මෙන්ම දේශීය ලිහිසිතෙල් සන්නාමයක් වන Lanka Lubricants (ලංකා ලුබ්‍රිකන්ට්ස්) මෙරට පාරිභෝගිකයින් වෙත රැගෙන එන්නේ Chevron Lubricants Lanka සමාගමයි. මගී කාර් රථ ලිහිසි තෙල්, යතුරු පැදි ඔයිල්, ඩීසල් එන්ජින් ලිහිසි තෙල්, කාර්මික ලිහිසි තෙල් සහ වෙනත් අතිරේක නිෂ්පාදන ඇතුළු පරිපූර්ණ නිෂ්පාදන පෙළක් මෙරට වෙළෙඳපොලට නිකුත් කරමින් Chevron සමාගම පාරිභෝගිකයින්ගේ රථ වාහන වල උපරිම ක්‍රියාකාරීත්වය තහවුරු කිරීමට කැපවී සිටී.