Capitol TwinPeaks සිය ගැනුම්කරුවන්ට සහතික කළ ප්‍රතිලාභ සමඟින් නව ප්‍රාග්ධන ආයෝජන සැලසුමක් හඳුන්වාදෙයි

    May, 24, 2021

    සන්කෙන් සමූහය යටතේ ඉදිවන මහල් 50කින් යුත් දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය වන කැපිටල් ට්වින්පීක්ස් (Capitol TwinPeaks) භාර කැපිටල් ඩිවලොපර්ස් සමාගම, තම ගනුදෙනුකරුවන්ට හා ආයෝජකයින්ට ඉහළ ප්‍රතිලාභ ලැබිය හැකි විශේෂ ප්‍රාග්ධන ආයෝජන සැලසුමක් හඳුන්වාදීමට පසුගියදා කටයුතු කළේය. ‘Capitol-ize’ (කැපිටලයිස්) ලෙස නම් කර ඇති මෙම සැලසුම හරහා වැඩි මූල්‍ය සහනයක් සමඟ (ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට සමගාමීව) දේපළ වෙළඳාම් අංශයට වැඩි ආයෝජකයින් පිරිසක් ආකර්ෂණය කරගැනීමට අපේක්ෂිත ය.

    මෙම ආයෝජන සැලසුමේ විශේෂත්වයක් වන්නේ අමෙරිකානු ඩොලරයක අගය රුපියල් 185ක් ලෙස (වර්තමාන අගය) සළකමින් ආයෝජන පිවිසුම් වටිනාකමට විශේෂ වාසියක් (දළ වශයෙන් 8%ක) සලසා දී තිබීම ය. ඊට අමතරව නිශ්චිත ප්‍රතිලාභ සහ ප්‍රාග්ධන අගය ඉහළ යාමක් ද මෙම ආයෝජන සැලසුමට ඇතුළත් වේ. කැපිටලයිස් ආයෝජන සැලසුම මගින් පළමු වසර දෙක තුළ 5%ක අනිවාර්ය වාර්ෂික ආයෝජන ප්‍රතිලාභයක් සහතික කරන අතරම, 7-10% අතර වාර්ෂික දේපළ වටිනාකම ඉහළ යාමක් ද පුරෝකථනය කර තිබේ. ස්ථාවර තැන්පතු වැනි අඩු අවදානම් ආයෝජන ක්‍රම හරහා අඩු ආයෝජන ප්‍රතිලාභ සැලසෙන වර්තමාන කාලයේදී, මෙවැනි අඩු අවදානම් සහ නිශ්චිත ප්‍රතිලාභ රැගත් ආයෝජන සැලසුමක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගනු ඇති බව කැපිටල් ඩිවලොපර්ස් සමාගමේ විශ්වාසය යි.

    “මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ ගුණාත්මක බව, එය පිහිටා ඇති ස්ථානය, නිවාස ඒකකවල ස්වභාවය සහ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රවණතා වගේම, සන්කෙන් සමූහයේ කීර්තිය සහ පළපුරුද්ද අතින් ගත් කළ, කැපිටල් ට්වින්පීක්ස්හි නිවාස හිමිකරුවන්ට දැවැන්ත ආයෝජන ප්‍රතිලාභයක් හිමිවන බව විශ්වාසයි. මෙම විශේෂ ආයෝජන සැලසුම හරහා එම විශ්වාසය තවදුරටත් වර්ධනය වෙනවා. ඒ හරහා තම දේපළ ආයෝජනය ප්‍රාග්ධනීකරණය කිරීමට නිවාස හිමියන්ට අමතර මාර්ගයක් හිමිවී තිබෙනවා”, යනුවෙන් නව ආයෝජන සැලසුම පිළිබඳ අදහස් දක්වමින් කැපිටල් ටවර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ වන්නිගම මහතා ප්‍රකාශ කළේය.

    මෙම ආයෝජන සැලසුම ලබාගන්නා පුද්ගලයින් අදාළ ගෙවීම සිදුකිරීමෙන් අනතුරුව වසර 2ක් ඇතුළත නිවාස ඒකකයේ හිමිකාරීත්වය ලබාගනී. එම කාලය තුළ නිවාස ඒකක හිමිකරුවන්ට කිසිදු නඩත්තු ගාස්තුවක් හෝ කළමනාකරණ ගාස්තුවක් ගෙවීමට සිදු නොවන අතරම, අදාළ වසර දෙක සඳහාම ආයෝජන ප්‍රතිලාභ ද හිමිවීම විශේෂත්වයකි.

    මේ වසරේ ජුනි සහ දෙසැම්බර් මාස අතරතුරදී ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් වීමට නියමිත ය. වර්තමානයේදී එහි ඉදිකිරීම් කටයුතු වේගයෙන් සිදුවන අතර, දැනටමත් එහි නිවාස ඒකකවලින් 77%ක් පමණ විකිණී අවසන් ය. ඉහළ කුලී ආදායමක්, ඉහළ ප්‍රාග්ධන ඉපැයුමක්, ඉහළ ආයෝජන ප්‍රතිලාභයක් මෙන්ම ආයෝජනය සඳහා සුදුසු ඒකක පෙළගැස්මක් ද සහිත මෙම ව්‍යාපෘතිය, අඩු බලශක්ති පරිහරණයක් සහිත හරිත ජීවන රටාවකට සහාය වීමත්, සින්නක්කර ඔප්පු පිරිනැමීමත් නිසා වැඩි විශේෂත්වයක් උසුළයි.

    කොළඹ නගර මධ්‍යය, ඉන්දියානු සාගරය සහ වරාය නගරය දෙසට මුහුණලා, බේරේ වැව ආසන්නයේ පිහිටා ඇති කැපිටල් ට්වින්පීක්ස් යනු සන්කෙන් සමූහයේ දේපළ වෙළඳාම් අංශයේ විශිෂ්ටත්වයත්, ඉදිකිරීම් විශිෂ්ටත්වයත්, නිර්මාණ සැලසුම් විශිෂ්ටත්වයත්, ප්‍රවීණතාවත් සියල්ල එකට මුසු කළ දැවැන්ත ව්‍යාපෘතියකි. මෙහිදී වර්ග අඩි 774 සිට 2,726 දක්වා පරාසයක විහිදුණු නිදන කාමර 2,3,4 සහ 5 වශයෙන් සමන්විත නිවාස ඒකක හිමිකරගැනීමේ අවස්ථාව විවෘතව පවතී.

    සේයාරුව - කැපිටල් ටවර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ වන්නිගම මහතා