Analysis

දරුවන්ගේ ආරක්ෂාව, සමාජ මාධ්‍ය හා පාලනය

ඉන්දික ද සොයිසා විසිනි දෙමව්පියන් ලෙස අපට බොහෝ විට ලෝක දෙකක කටයුතු කිරීමට සිදු වේ. ඉන් එකක් නම් අප කුඩා කල සිට හැදී වැඩුණු අත්දැකීම් හා වටිනාකම්ය. අනෙක වර්තමානයේ අපගේ දරුවන් අත්විඳින සීමා රහිත ඩිජිටල් සමාජයයි. තාක්ෂණික යුගයෙන් පසු එළඹි ඩිජිටල් යුගයේ අත්දැකීම් අප බොහෝ දුර ගෙන යාමට සමත් වන්නේ ඔබ සිටින නිවසේ, කාර්යාලයේ, පන්ති…

(0)Comments | June 5, 2025 1:58 pm

ශ්‍රී ලංකාවේ Vape පිළිබඳ වන දේශීය ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුත්තේ ඇයි?

සටහන – ජිතේන්ද්‍ර ඇන්ටෝනියෝ තවමත් බොහෝ දෙනෙකු වෙත සාවද්‍ය තොරතුරු ලැබෙන ‘Vape’ පිළිබඳ උණුසුම් කාලීන සංවාදයක් පසුගියදා පැවැති  ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය කමිටු (COPF) රැස්වීමේදී ඉදිරිපත් විය. කෙසේ වෙතත් මෙම නිෂ්පාදනවල නීත්‍යානුකූලභාවය සහ නියාමනය සම්බන්ධයෙන් ඇතැම් ප්‍රතිපත්ති සම්පාදකයන් තුළ තිබෙන ව්‍යාකූලත්වය මෙහිදී වාර්තා වූ සමහර කරුණු මඟින් ඉස්මතු කෙරිණි. මෙම සැසිය අතරතුරදී COPF සාමාජිකයන් විසින්…

(0)Comments | May 2, 2025 2:35 pm

රක්ෂණයේ විප්ලවීය පියවරක් : මෝටර් වාහන අනතුරු හේතුවෙන් තුන්වන පාර්ශවයන්ට සිදුවන මරණ හෝ ස්ථිර අබලතා සඳහා වන්දි ලබාගත හැකි විකල්ප ක්‍රමවේදය මෙන්න

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවනගේ සහයෝගීතාවය සහිතව මෝටර් වාහන අනතුරු හේතුවෙන් මරණයට හෝ ස්ථිර අබලතා තත්ත්වයකට භාජනය වන තුන්වන පාර්ශවීය වින්දිතයන්ට වන්දි ලබා ගත හැකි විකල්ප ක්‍රමවේදයක් හදුන්වාදෙන ලදී. වගකීම් භාර ගැනීමකින් තොරව වන්දි ලබාදීමේ මෙම නව්‍ය යෝජනා ක්‍රමය ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී…

(0)Comments | April 25, 2025 2:08 pm

දුප්පතෙකු නොවී සිටීමට අවශ්‍ය අවම මුදල මෙන්න

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නිල දරිද්‍රතා රේඛා සටහනෙහි නවතම සංස්කරණය නිකුත් කර තිබේ. 2025 පෙබරවාරි මාසය වෙනුවෙන් නිකුත් කර ඇති මෙම නවතම සටහන අනුව ජාතික මට්ටමින් නිල දරිද්‍රතා රේඛාව සටහන් වන්නේ රු. 16,318 ක් ලෙසිනි. එනම් පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල…

(0)Comments | April 22, 2025 4:10 pm

නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වසර 4ක් තුළ ඉහළම තැනට පැමිණෙයි

වසර හතරක් තුළ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී 63.9ක් දක්වා ඉහළ ගියේය. උත්සව සමයේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යෑමෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදුවූ සැලකිය යුතු වර්ධනය පිළිබිඹු කරමින් සියලුම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂව ඉහළ ගියේය. විශේෂයෙන්, ආහාර පාන සහ රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන…

(0)Comments | April 18, 2025 6:54 am

2025 අවුරුදු කැවිලි මේසයේ වියදම ඉහළට. 2024ට සාපේක්ෂව 7%ක වැඩිවීමක්

අමුද්‍රව්‍යවල මිල 2019ට වඩා 2.4 ගුණයකින් වැඩියි සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙළ කිරීමේ වියදම 2024 ට සාපේක්ෂව 2025 දී 7% කින්  වැඩි වී ඇති නමුත් එය 2019 දී දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතී. ආර්ථිකය පිළිබද තොරතුරු සහ විශ්ලේෂණ සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk හි…

(0)Comments | April 10, 2025 1:19 pm

2025 පෙබරවාරි මාසයේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.38ක් දක්වා ඉහළට

වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව සමස්ත අපනයන 2025 පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,382.53 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව 4.62% ක කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කරයි. මීට අමතරව, 2025 ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී අපනයන 2.58% ක මාසික වර්ධනයක් වාර්තා කළේය. ශ්‍රි ලංකා රේගුවේ තාවකාලික දත්ත…

(0)Comments | March 24, 2025 2:29 pm

Al මෙවලම් හරි ආකාරයට භාවිතා කරමු, ඔබේ වැඩ දවස ඵලදායි ලෙස සාර්ථක කර ගනිමු

Al… මේ වනවිට අප සිටින ලෝකයේ Al තාක්ෂණයන්, සහ මිනිසුන්ට තම කටයුතු ඵලදායී ලෙස ඉෂ්ට කර ගැනීමට Al තාක්ෂණය යොදාගැනීම සම්බන්ධ කතිකාව, යම් මට්ටමකට පැමිණ තිබේ. තවදුරටත්, Al තාක්ෂණයන් මිනිසුන්ගේ ජීවිතවලට, රැකියාවන්ට බලපාන ප්‍රමාණය පිළිබඳව බිය දනවන වැරදි වැටහීම් දක්නට නොලැබේ. ස්මාට්ෆෝනයක ඇති සරල යෙදුම් තුළට පවා Al තාක්ෂණය මේ වන විට අනුහුරු වී තිබේ….

(0)Comments | March 12, 2025 1:56 pm

ශ්‍රී ලංකාවට අහිමි වූ සංවර්ධන අවස්ථාවන්ගේ පිරිවැය ගැන ගණන් බැලීමක්

ආයෝජන ව්‍යාපෘති ලංකාවෙන් පිටවීම හේතුවෙන් ඇතිවන සංවර්ධන ගැටළු කිෂෝර් රෙඩ්ඩි විසිනි වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ සැලකිය යුතු පසුබෑමකට මුහුණ පෑමට සිදු වූ හේතුවක් වූයේ ප්‍රධාන යටිතල පහසුකම් සහ ආයෝජන ව්‍යාපෘති කිහිපයක්ම ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යාමයි. ඊට දිය හැකි ආසන්නතම හා වඩාත් කණගාටුදායක උදාහරණය වන්නේ Adani Green විසින් සිදු කිරීමට නියමිතව තිබූ ඇමරිකානු…

(0)Comments | March 11, 2025 10:41 am

2025 ජනවාරියේ දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 400ක ආදායමක්

2025 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 400.7ක සංචාරක ඉපැයීමක් වාර්තා කිරීමට හැකිව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. මෙය 2024 ජනවාරි මාසයේ දී වාර්තා වුණු ඩොලර් මිලියන 341.8ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී 17.2% ක වර්ධනයකි. මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ 2025 පෙබරවාරි 1…

(0)Comments | March 3, 2025 10:55 am