Analysis

ශ්‍රී ලංකා ආර්ථිකය පහළට

2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය පෙර වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 3.1 ක සෘණ වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2022 වර්ෂයේ දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,680,074 ලෙස වාර්තා වී තිබුණු අතර එය 2023 වර්ෂයේ දෙවන…

(0)Comments | September 18, 2023 7:32 am

තේ සහ රබර් මිල තියුණු ලෙස පහත වැටීමෙන් පසු භෝග විවිධාංගීකරණය සඳහා කඩිනම් පහසුකම් සලසන ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී

2023 මුල් භාගයේදී (1H23) තේ සහ රබර් මිල තියුණු ලෙස අඩුවීම හේතුවෙන්, පාම් ඔයිල් වැනි වඩාත් ලාභදායී භෝග විවිධාංගීකරණය සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) බලධාරීන්ගෙන් නැවතත් ඉල්ලා සිටී. 2022 වසරේදී වාර්තාගත මිලක් වාර්තා කිරීමෙන් පසු තේ මිල ජුනි මාසයේදී කිලෝ ග‍්‍රෑම් 1ක් රු. 704.7 සිට කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 1,245.2…

(0)Comments | August 21, 2023 4:14 pm

අර්බුද හමුවේ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ක්ෂේත්‍රය රැක ගැනීමට නම් රට තුළට ආනයනය කරන ඇඟළුම් ප්‍රමාණය 80%කින් වත් අවම කර ගත යුතුයි

බන්දුල ප්‍රනාන්දු සභාපති ශ්‍රී ලංකා ඇඟළුම් අපනයන මණ්ඩලය ( SLCGE) ඇමරිකාව හා යුරෝපයේ පවතින ආර්ථික අර්බුද හමුවේ මෙරට ඇඟළුම් කර්මාන්තය හා එයින් උපයන විදේශ විනිමය සැලකියයුතු මට්ටමකින් අඩු වී ඇති පසුබිමක, විශාල ඇඟළුම් කර්මාන්තශාලාවන් හි අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා අමිල වූ දායකත්වයක් දක්වන මෙරට ඇඟළුම් ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තයන් යුරෝපා සහ ඇමරිකානු…

(0)Comments | August 7, 2023 12:43 pm

වෙළඳ භාණ්ඩ අපනයන ආදායමේ වැඩිවීමක්

2023 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 2023 අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 989.7 දක්වා 16.6% කින් වැඩි විය. කෙසේ වෙතත්, එය 2022 මැයි මාසයට සාපේක්ෂව 5.59% ක අඩුවීමකි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මේ බව කියා සිටී. එම නිවේදනයේ වැඩිදුරටත්…

(0)Comments | June 28, 2023 4:02 pm

නිර්මාණශීලීත්වය, තරඟකාරීත්වය හා නව්‍යකරණය තුළින් සවිමත් ආර්ථිකයකට ශ්‍රී ලංකාව ගෙන යන දේශීය ටයිල් නිෂ්පාදන කර්මාන්තය

ශ්‍රී ලංකාව පසුගිය සමයේදී මුහුණ දුන් අසීරු ආර්ථික තත්ත්වයන් ක්‍රමයෙන් කළමනාකරණය කර ගනිමින් සිටින මේ මොහොතේදී ආනයන සීමාවන් ලිහිල් කිරීම ඉතා සැළකිලිමත්ව සහ දීර්ඝ කාලීනව  දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයන්ට බලපෑමක් නොවන ආකාරයට සිදු කිරීම වැදගත්ය.  ඉතා දීර්ඝ කාලයක් පුරා රටක් වශයෙන් අප ණයට ගත් මුදලින් අසීමිතව භාණ්ඩ ආනයනය කර ණය ගොඩ ගැසීමේ පුරුද්ද වෙනුවට විධිමත් ක්‍රමවේදයන්…

(0)Comments | June 19, 2023 7:22 am

අවුරුදු 4ට ලංකාවේ ලක්ෂ 40ක් අලුතින් දුප්පත් වෙලා – සමීක්ෂණයකින් හෙළිවෙයි

LIRNEasia නම් කලාපීය චින්තන පර්ෂදය විසින් මෑතකදී සිදු කරන ලද ජාතික නියෝජිත (ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි කරන ලද) සමීක්ෂණයකින් පෙන්නුම් කළේ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ශ්‍රි ලාංකීය ජනගහනය මිලියන 4කින් වැඩි වී ඇති බවයි. 2019 දී ශ්‍රී ලාංකිකයින් මිලියන 3ක් දරිද්‍රතාවයෙන් පෙළුනු අතර, දැන් (2023) එය මිලියන 7ක් (ජනගහනයෙන් 31%) බවට පත් වී…

(0)Comments | June 12, 2023 1:07 pm

GSP+ සහනය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා නව සැලසුමක් නව වැඩපිළිවෙලක් අප විසින් රජයට යෝජනා කර තිබෙනවා – JAAF

ෆිලික්ස් ප්‍රනාන්දු – නියෝජ්‍ය සභාපති ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) පාලනය කල නොහැකි ගෝලීය අර්බුද හේතුවෙන් දැනට ලැබූ ඇති ඇඟළුම් ඇනවුම් ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව 10%කින් පමණ අඩු වී ඇති බැවින් පසුගිය වසරේදී ඇඟළුම් අපනයනයෙන් ඉපැයූ ඩොලර් බිලියන 5ක ඉපැයුම ඩොලර් බිලියනයකින් පමණ අඩුවෙතැයි ඒකාබද්ධ ඇඟලුම් සංසදය සහ ආර්ථික විශ්ලේෂකයින් පුරෝකථනය කර ඇත. විශේෂයෙන් යුරෝපයේ…

(0)Comments | June 9, 2023 12:37 pm

අප්‍රේල් මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 16.15%කින් පහළට

2023 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය 2022 වර්ෂයේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ඇමෙරිකානු ඩොලර් මිලියන 814.1 දක්වා 16.15% කින් අඩු විය. එපමණක් නොව, එය 2021 අප්‍රේල් මාසයට සාපේක්ෂව 0.5% ක අඩුවීමකි. වත්මන් ආර්ථික තත්වය හේතුවෙන් ප්‍රධාන වෙළඳපොළවල ප්‍රධාන නිෂ්පාදන සඳහා නිර්මාණය වූ අඩු ඉල්ලුම තවදුරටත් පවතී….

(0)Comments | May 26, 2023 2:23 pm

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළට

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය – 2023 අප්‍රේල් 2023 අප්‍රේල් මාසයේදී, නිෂ්පාදන හා සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී. පෙර වසරවලදී ද පැවති රටාවට අනුගත වෙමින්, 2023 අප්‍රේල් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය දර්ශකාංක 34.7ක් දක්වා පහළ ගිය අතර එමගින් ඉකුත් මාසයට සාපේක්ෂව නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම්වල පහත වැටීමක් පෙන්නුම් කරන ලදී. ඒ…

(0)Comments | May 16, 2023 11:39 am

යළි පිබිදෙන උතුරුකරයට රන් අරුණලූ රැගෙන එන ඇඟලූම් ක්ෂේත‍්‍රය

2009 දී ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වූ පසු, ජනතාව යළි නඟා සිටුවීම සඳහා අවශ්‍ය ආයෝජනයන් සිදු කිරීමේ අපේක්ෂාවෙන් උතුරු පළාතට ඇතුළු වූ පළමු කර්මාන්තවලින් එකක් ලෙස ඇඟලූම් කර්මාන්තය හැඳින්විය හැකියි. දශකයකට පසු, උතුරු ප‍්‍රදේශයේ පුද්ගලයින් 8000 කට අධික සංඛ්‍යාවකට රැකියා අවස්ථා ලබා දෙමින් මහා පරිමාණ මෙහෙයුම් ආරම්භ කළ ප‍්‍රථම ක්ෂේත‍්‍රය වන්නේ ද ඇඟලූම් කර්මාන්තයයි….

(0)Comments | May 11, 2023 10:39 am